Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊයේ (26) දින මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක්ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් පැනවීමට එරට අධිකරණයක් තීන්දු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින මොහොතකයි.

මේ වනවිට , මැලේසියාව තුළ මෙතෙක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාවට චෝදනා එල්ල සිටින නජීබ් රසාක්, 2022 වසරේ සිට සිර දඬුවම් විදිමින් සිටින අයෙකි. එම සිර දඬුවම 2028 දී අවසන්වීමට නියමිත පසුබිමට මෙම නව දඬුවම පනවා තිබීම සුවිශේෂ වේ.

එළැඹෙන සඳුදා , තීන්දුවට එරෙහිව අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව, නජිබ්ගේ නීතිඥවරයා පවසා ඇත. මේ වනවිට 72 හැවිරිදි වියේ පසුවන නජිබ්ගේ ගිණුම්වලට ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ලැබී තිබීම ඔහුට එරෙහිව ඇති ප්‍රධානම චෝදනාව වේ. ඔහු එරට රාජ්‍ය අරමුදලක් වන '1Malaysia Development Berhad' වෙතින් අවම වශයෙන් ඩොලර් බිලියන 4.5ක් සොරකම් කර ඇති බව සඳහන්. ඊයේ (26) පැය 5ක් පුරා පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විසිසුරුවරයා මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා 21කට නජීබ්ට වැරදිකරු කර ඇති අතර, සිර දඬුවමට අමතරව රිංගිට් බිලියන 11.39ක (ඩොලර් බිලියන 2.82) දඩ මුදලක් ගෙවීමටද නියෝග කර ඇති අතර, ඔහුගෙන් රිංගිට් බිලියන 2.08ක වත්කම් අයකර ගත යුතු බවටත් දන්වා තිබේ.

අදාළ අධිකරණ නියෝගයේ සඳහන් වන්නේ, එම කටයුතු දෙකම ඉටුකිරීමට අපොහොසත් වුවහොත් අමතර සිර දඬුවම් පනවන බවටයි. නජීම් විසින් වංචනිකව උපයාගන්නා ලද මුදල් යොදාගනිමින් ඔහුගේ හිතවතුන් පෞද්ගලික ජෙට් යානයක්, සුඛෝපභෝගී වත්කම් රැසක්, හෝටල්, කලා කෘති සහ ස්වර්ණාභරණ, සුපිරි යාත්‍රා මෙන්ම 2013 වසරේ දී හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා මුදල් යෙදවීමටත් භාවිතා කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...