ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගත වූ පැය 24 දී ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇති වී තිබෙන යුදමය තත්ත්වය නිසා තම ජනතාවට බරපතළ අපරාධයක් සිදුවී ඇති බව පලස්තීන ජනාධිපති Mahmoud Abbas සඳහන් කරයි.

Mahmoud Abbas

නමුත් හමාස් සංවිධානය සමග පවතින ගැටුම තවත් මාස ගණනාවක් පවතින බව ඊශ්‍රායල හමුදා ප්‍රධානී Herzi Halevi නිවේදනය කරයි.

Herzi Halevi

ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 382 දෙනෙකු ද තුවාල ලබා ඇති බව ගාසා තීරයේ සෞඛ්‍ය අංශ පවසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, සති 11කට වැඩි කාලයක් තිස්සේ පැවති සටන්වලදී අවම වශයෙන් පලස්තීනුවන් 20,915ක් මියගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...