මසුදූර්ගේ තීරණය ගැන තරග තීරකට ලිඛිතව පැමිණිලි කරනවා – නවීඩ් නවාස්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගමාලවේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවේ පරාජයට බල පෑ එක් හේතුවක් ලෙස මේ වන විට ලෝකයම කතාවන කාරණයක් වී ඇත්තේ රූපවාහිනි විනිසුරු මසුදුර් රහ්මන් ලබා දුන් වැරදි තීරණයයි.ඒ සම්බන්ධයෙන් තරගය නිමාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එකතු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තරග තීරකවරයාට ලිඛිතව පැමිණිල්ලක් භාර දෙන බවයි.

තරගාවලියේ පළමු තරගයේදී ද විනිසුරු මසුුදුර් පන්දු යැවූ මහේෂ් තීක්ෂණ පන්දුවේ හැඩයේ වෙනස්වීමක් පෙන්නුවද ඔහු එය මායිම් නොකළ අතර දෙවන අවස්ථාවේ දී අනික් අන්තයේ සිටි විනිසුරු ටන්වීර් අහමඩ් ද පැමිණ එය පරික්ෂා කළ පන්දුව මාරු කිරීමට අවසර ලබා දුන්නා.

ඒ නිසා මේ පක්ෂපාතීත්වය ජාත්‍යන්තර තරගයක විනිසුරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක් වන අතර ශ්‍රී ලංකා විනිසුරු වෙන්ඩ්ල් හැනිබල්ගෙන් ද ශ්‍රී ලංකාවට හානිකර තීරණ ලැබෙද්දී බංගලාදේශ විනිසුරුවන් ද ඒ ක්‍රමයම අනුගමනය කරන්නට පටන්ගෙන තිබීම කණගාටුදායකයි.නවීඩ් නවාස් මසුදුර්ගේ තීරණය සම්බන්ධයෙන් තරගය නිමාවේ මාධ්‍ය හමුවේ දැක් වූ අදහස්වලට පහතින් පිවිසිය හැකියි.

https://web.facebook.com/bcbtigercricket/videos/872443264639643

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...