එක්සත් ජනපදය මානුෂිය ආධාර බෙදා හැරීමට ගාසා වෙරළේ තොටුපලක් ඉදිකරන බව බයිඩන් කියයි

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 08,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද හමුදාවන් විසින් ගාසා වෙරළ තීරයේ මහා පරිමාණයෙන් මානුෂීය ආධාර බෙදා හැරීමට ඉඩ සලසන තාවකාලික නැව් තටාකයක් ගොඩනඟන බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ(07)දිනයේ පැවති රාජ්‍ය සංගමයේ දේශනයේදී නිවේදනය කර තිබේ.

ජනාධිපති බයිඩන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගසාහි මිලියන 2.3 පලස්තීනුවන් අතර පැතිරුණු සාගතයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්ව තිබීමත්, නිවාස , ආහාර, ජලය, බෙහෙත් නොමැතිව ඔවුන් ගෙවන ජීවිතය හද කම්පා කරවන බවත්, ගාසා වෙරළ තීරයේ මධ්‍යධරණී මුහුදේ ආහාර, ජලය, ඖෂධ සහ තාවකාලික නවාතැන් ගෙන යන විශාල නැව්වලට ලබා ගත හැකි තාවකාලික තොටුපළක් පිහිටුවීම සඳහා හදිසි මෙහෙයුමක් මෙහෙයවන ලෙස මම එක්සත් ජනපද හමුදාව මෙහෙයවමින් ඒ සඳහා එක්සත් ජනපදය නායකත්වය දෙන බවත්ය.

මෙම තාවකාලික තොටුපළ මඟින් ගාසා තීරයට දිනපතා ලැබෙන මානුෂීය ආධාර ප්‍රමාණය විශාල ලෙස වැඩි කිරීමට හැකි වනු ඇති අතර අහිංසක ජීවිත ආරක්ෂා කිරීම සහ බේරා ගැනීම ප්‍රමුඛ වේ.

ඔක්තෝබර් 7 දා යුද්ධයේ ආරම්භයේ සිට දැනටමත් පලස්තීනුවන් 30,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර ගාසා තීරය මානුෂීය ආධාර සඳහා විවෘත කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මේවන විට බයිඩන් ඔහුගේම පක්ෂය තුළ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...