ඕපන්හයිමර් තුළින් Murphy ට ලැබුණු හොඳම නළුවාට හිමි ඔස්කාර්!

Date:

සටහන – නිපුනි ලියනගේ

මාර්තු 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ ඕපන්හයිමර් තුළින් 2024 ඔස්කාර් හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් පළමු අයර්ලන්ත ජාතිකයා බවට Cillian Murphy පත්ව තිබේ.



මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය, ක්‍රිස්ටෝපර් නෝලන් සඳහා හොඳම අධ්‍යක්ෂණය සහ රොබට් ඩව්නි ජූනියර් සඳහා හොඳම සහය නළුවා ට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් විය.



Murphy හොඳම නළුවා ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ න්‍යායාත්මක භෞතික විද්‍යාඥ ජේ රොබට් ඕපන්හයිමර්ගේ ප්‍රශංසනීය නිරූපණය සඳහා ය.

UPROXX

“මම අද රාත්‍රියේ මෙහි සිටගෙන සිටින ඉතා ආඩම්බර අයර්ලන්ත ජාතිකයෙක්” යැයි Murphy තම ජයග්‍රහණය පිළිබඳ වචන කිහිපයකින් විස්තර කරමින් සිටියේය.

මෙතෙක් ඔහුව ගෙන ගිය අතිශය ප්‍රීතිමත්, නිර්මාණාත්මකව තෘප්තිමත් ගමන සඳහා ඔහු නෝලන්ට සහ නිෂ්පාදක එමා තෝමස්ට ස්තුතිය පුද කිරීමට ද එය අවස්ථාවක් කර ගත්තේය.

“අපි පරමාණු බෝම්බය නිර්මාණය කළ මිනිසා ගැන චිත්‍රපටයක් සෑදුවෙමු, හොඳින් හෝ නරකින්, අපි සියල්ලෝම ඕපන්හයිමර්ගේ ලෝකයේ ජීවත් වෙමු,” ඔහු ඕපන්හයිම‍ර් පිළිබඳ කෙටියෙන් විස්තර කිරීමක් ද එක් කරන ලදී.

UPROXX

මීට අමතරව ඔස්කාර් හොඳම නලුවාට හිමි සම්මානය වෙනුවෙන් නම් කළ නාම යොජනා අතර;

  • Bradley Cooper – Maestro
  • Colman Domingo – Rustin
  • Paul Giamatti – The Holdovers
  • Cillian Murphy – Oppenheimer ( Winner)
  • Jeffrey Wright – American Fiction

යන අයවලුන් ද සිටියහ.

මෙවර ඔස්කාර් සම්මාන නතු කරගත් අනෙකුත් ජයග්‍රාහකයින්ටද සුභ පැතුම්!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...