*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

දැන් “බ්‍රේක් බෑ”

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 11, කොළඹ (LNW): ශ්‍රී ලංකාවට දැන් තිරිංග පාගන්න නොහැකිය.ජයග්‍රහණය මාවතේ පෙරටම යා යුතුය.කණ්ඩායමක් හැටියට පිටිය ඇතුළත නොව පිටියෙව් පිට ද ක්‍රීඩකයින් නොවන පුහුණු කාර්ය මණ්ඩලයද සිටින බැදීම රූප රාමුවලින් ඔබ්බට දිවෙන්නේය.විටෙක කණ්ඩායම් පුහුණුකරු සිල්වර්වුඩ් හතරේ සිමාය අසබඬ සංවාදයකය.මාධය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අන්නා වචන ගෙන කළබැගෑනියක් කරන්න හදන බංගලිදේශ මාධ්‍යයන්ට සිය බංගලි අත්දැකීම් ද මුසු කර උත්තර බඳින නවීඩ් නවාස් ය.


කණ්ඩායමේ ශක්තිය ගිලිහෙන්නට හැකි හොඳම තැන පන්දු රැකීමය.සමහර විට උඩ පන්දු හැටියට ගිලිහෙන්නේ තරඟය.ඒ ගැන දැන වැඩ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කැඳවා ඇති උපුල් චන්දන දැනටත් වැඩ පෙන්නා ඇත.එසේම කණ්ඩායමේ අභ්‍යන්තර සංස්කෘතියට තරගයේ ඇතුළත හොඳම පන්දු රැකීමට පදක්කමක් සහ තැඹිලි වර්ණ හිස් වැසුමක්ය.පළමු වරට එය දිනා ගත්තේ චරිත් අසලංකය.දෙවැනි වරට අවිශ්ක ප්‍රනාන්දු ඊට උරුමකම් කීවේය.තෙවැනි වික්‍රමාන්විත ජයග්‍රහණයේ හිස් වැසුම සහ පදක්කම හිමිකර ගැනීමේ භාග්‍යය උදා වූයේ ධනංජය සිල්වා පන්දු රැකීමෙන් පෑ දස්කම්වලටය.


කණ්ඩායම් සංස්කෘතිය වෙනස් කිරීමට මඟ පෙන්වීම සහ අනුබල දීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා සිඳුවෙමින් ඇත.මේ මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් විනාශ කරනු ලබන බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩාවය.ඒ චෝදනාලාභීන් විගණනයේදී කරුණු දක්වන ලෙස කළ යෝජනා වැරදි ලෙස ගෙන කළ රංගනවලට විවර වූ වේදිකා තිර දැන් වැසී ගොස්ය.අයිසීසී ය විසින් දෙනු ලැබූ මුදල් ප්‍රතිපාදන වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් යම් ආකාරයක සීමාවන් පැනවිණිනම් ඒ සෙසු කාරණාවන්ටය.ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කීර්තිය බේරා ගැනීම සඳහා වූ ඡායාරූප කොපමණ ප්‍රමාණයක් ඇද්ද යන්න දැන් ඔහු කල්පනා කළ යුතුය.


පිළිකා රෝහලට ඖෂධ ලබා දිමේ සිට විවිධ ක්‍රීඩාවන්වල ජයග්‍රහණ සඳහා,විවිධ ක්‍රීඩා සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට තිබුණේ කෝටි ගණන් වූ මුදල් වටිනාකම් සහිත චෙක්පත් අල්ලාගෙන සිටින්නට පමණි.අඩුම තරමේ ඒවාට ඔහුට ඔහු නොගන්නා බව කී ඉන්ධන වියදමවත් වැය කරන්නට සිඳු නොවිණි.ඒ ආකාරයට ක්‍රිකට් හරහා ක්‍රීඩා අමාත්‍යවරයාට වගකීම සෘජුව පැවරෙන, සිඳු නොවීමට තිබූ බොහෝ දේ සිඳු වූ බව ක්‍රිඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ කෘතවේදීව සිහිකළ යුතුය.නමුත් ඔහු පාර්ලිමේන්තුවේදී කී පරිදි රටේ ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රිකට් ලාභයෙන් සියයට 20 ක මුදලක් ස්තූති පූර්වකය ඉල්ලා සිටියේය.ක්‍රීඩා පණතේ වසර 50 ක් පරණ වගන්ති සමඟ තමා ක්‍රීඩාවේ සර්ව බලධාරී බව නොකියා කියා ගන්නා රොෂාන් රණසිංහගේ ස්තූති වචනය කුමක් ද යන්න එහිදී අවබෝධ කර ගැනීම පහසුය.


ක්‍රිකට් කරනු ලබන උපකාර වෙනුවට ඊට වඩා දෙයක් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලය ඇති බව පණත ප්‍රකාරව හැකියාව තිබෙන බවත් පෙන්නූ උපදේශකයන් කළේ,සිංහ කොටි අවුලුවා ඒ මස් වළදන්නට මාර්ගයක් සෙවූ හිවලාගේ වැඩේය.ක්‍රීඩා අමාත්‍යවරයා නිර්මාණය කර ගත් ගැටුම ඒ ආකාරයටම නිමා කර බලාපොරොත්තු උපදේශකයා රජ් පුටුවේ ඉන්දුවේය.මේ ඉන්දන්නට පෙර පෙරහැරට සූදානම් වන සද්දවල ද තිබුණේ ද ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොව ක්‍රීඩකයාට ද අවිශ්වාසය දැනෙන දේවල්ය.ඒ අවිශ්වාසය තමන්ගේ ක්‍රිකට් අනාගතය ගැන වන විවේචනය,තරග පාවා දුන් බවට එල්ල කරන චෝදනාවන් ආදි සියල්ල නිසා ක්‍රීඩකයාට ද යම් බලපෑමක් ඇතිවන බව පැහැදිළි විය.ඒ පරිසරය ඇතුළේ ක්‍රීඩකයෙක්ගේ කඩා වැටීම සාමාන්‍ය දෙයක්ය.


ශ්‍රී ලංකාව අඩුම ලකුණු ගණනකට දැවී ගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට එරෙහිවය.ලකුණු 43 ට දැවී ගිය ඒ කණ්ඩායම ඒ මොහොත වන විට ලෝක කුසලාන අනු සූරයින් වී මාස තිහිපයක් පමණි.නැවත නැඟී සිටීමට අනුබල උපදෙස් දීම වෙනුවට ක්‍රිඩා ඇමති උපදේශක කළේ ඒ පරාජයෙන් තමන්ගේ පරිපාලන උවමනාවට මාර්ගයක් හදා ගන්නටය.ඔහු තරගය පාවා දුන් බවට ක්‍රීඩාංගන සේවකයාගේ සිට ක්‍රීඩකයා දක්වා හැම එකෙකුම පතුරු ගැසුවේය.එවැනි තත්ත්වයක එවැන්නෙක් යටතට ක්‍රිකට් පත් වුණොත් තමන්ගේ ඉරණම කුමක් වන්නේ ද යන්න සැකය ඉපදීම සාමාන්‍ය තත්ත්වයකි.


මේ පසුබිම වෙනස් වූ මොහොතක ක්‍රීඩකයන්ට ඇති වගකීම එය රැක ගැනීමය.නැවත පරාජයෙන් හැදෙන හිදැස්වලින් එක එක අයට තමන්ගේ ව්‍යාපෘති රිංගවා ගන්න දේශපාලන ආශිර්වාදය ගන්න ඉඩ සකස් වෙන බව සිහි තබා ගත යුතුය.ඒ නිසා හිදැස් සකස් කරන්නට ඉඩ නොතබා පිවිසි ජය මාවත දිගේ කිසිඳු සැහැල්ලුවකින් තොරව ජයම අපේක්ෂාවෙන් සටන් කළ යුතුව ඇත.වත්මන් අමාත්‍යවරයා ක්‍රීඩාව ක්‍රීඩාවට විසඳගන්න ඉඩ හැර සිටිය ද,ඔහුට ඇති ක්‍රීඩා ඇමතිකම දර මිටිය ඔතපු නයෙක් බව දැන ගත යුතුය.ඒ නිසා නයාගේ ගැටය ලිහෙන තරමට ක්‍රීඩකයා වගකීම අත් නොහැර දිගටම ජයග්‍රහණය රඳවා ගැනිම වැදගත්ය.කොටින්ම දැන බ්‍රේක් ගස්නට බැරිය.යම් යම් වේග අඩු කිරීම් කළ හැකි වුව ත් ඒ යන ගමන තුළය.ලැබූ ජය නැවතෙන බ්‍රේක් ගැන සිතීම වුව නුසුදුසුය.


මේ මානසික මට්ටමෙන් සුළු සුළු නම් වෙනසකින් සැකසෙන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ද ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස මේ මොහොත වන විට අත් කරගෙන තිබෙන සුබවාදී ස්ථාවරය රැක ගැනීම වෙනුවෙන් නොනැවතී කටයුතු කළ යුතුව ඇත.ඒ අදහසෙන් 13 වන දා ඇරඹෙන ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින තරගායලියට අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan