යුක්තිය මෙහෙයුමට අද සිට හමුදාවත් කැඳවයි!

Date:

කොළඹ LNW: අද (11) සිට ”යුක්තිය” මෙහෙයුමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ අරමුණිනුයි මෙම යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.

මේ උක්ත තීරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බවයි.

”අද දිනයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක විය යුතු වෙනවා. පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් සිදුවුණොත් ඒ වැටලීම් සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වුණොත් විශේෂයෙන් මාර්ග බාධක වැනි දේ ක්‍රියාත්මක කරන්න සිදුවුණොත් ඒ වගේම දරුණු ගණයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වුණොත් යුද හමුදාව ඒ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අදාළ සම්බන්ධීකරණය සිදුකරලා, ඔවුන්ව කැඳවා ගැනීමට අවශ්‍ය කරන පහසු ක්‍රමවේදයක් සකස් කිරීම දැනට සිදුකරලා තියෙනවා. ඒ අනුව අවශ්‍ය වුණොත් යුද හමුදා සහාය ලබාගන්න කියලා පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.” යනුවෙන් තල්දුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...