පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසකට ලොරියක් කඩා වදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ඊයේ රාත්‍රි 8 ට පමණ , රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ලොරි රථයක් කඩා වැදී තිබෙන බව වාර්තා වේ.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවත් , අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නැති බව සඳහන් වේ.

ඔහු සිය රාජකාරී කටයුතු සඳහා නිවසෙන් පිටව ඇත්තේ අනතුර සිදුවීමට සුළු වෙලාවකට පෙර බවත් , මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවද වාර්තා වේ. බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...