දැනට රටේ ඩීසල්, පෙට්‍රල්, පොහොර, බෙහෙත් තියෙන්නේ ණය නොගෙවන නිසා – බන්දුල

විදේශ ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන අසාර්ථක වුවහොත් රට නිකම්ම වාෂ්ප වී යන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“අපට අද තියෙන ප්‍රධානම ජාතික ප්‍රශ්නය තමයි දැනට ඛනිජ තෙල් තියෙන්නෙ, පොහොර තියෙන්නෙ, බෙහෙත් තියෙන්නෙ ණය නොගෙවා සිටීම නිසා. ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡාව තමයි මේ දිනවලත් සිදුවෙමින් පවතින්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග. ඒ ප්‍රශ්නය ගැන තමයි සියලු දෙනාම විශෙෂ අවධානය යොමු කළයුතු යැයි මම හිතන්නෙ. මොකද, විදේශ ණය ආපසු ගෙවීමේ නැකත වැරදුණොත් නම් අනිවාර්යයෙන්ම රට නිකම්ම වාෂ්ප වෙලා යනවා”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...