ජීවිත 21ක් අහිමි වූ ඇෆ්ගන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතේ බැංකුවක් අසළ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෝම්බ පිපිරීම සිදු වී ඇත්තේ ඊයේ උදෑසන කන්දහාර් නගර මධ්‍යයේ පිහිටි බැංකුවක් අසල බවත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාර ගෙන නැති බවත් ය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, එය මේ වසරේදී ඇෆ්ගනිස්තානයේ සිදු වූ විශාලතම බෝම්බ පිපිරීම බවට එරට මාධ්‍ය සඳහන් කර ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් කර තිබේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයන් රැසක් සිය වැටුප් ලබා ගැනීම සඳහා බැංකුව අසල රැස් වී සිටි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...