ඉල්ලා අස් වනවා කීවත් කෝප් කමිටුවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ 05 දෙනයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): පාර්ලිමේන්තුව පවසන්නේ, පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බවයි .

ඉල්ලා අස්වන බවට අදාළ සාමාජිකයින් 5 දෙනා පමණක් ලිඛිතව දැනුම් දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි වැඩි දුරටත් සඳහන් වේ.

මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. එහෙත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැති බව පැවසේ.

ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බව පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

මෙසේ ඉල්ලා අස්වීමට හේතු වූයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත්වීමට විරෝධය පළ කරමක් ලෙසයි. ඉල්ලා අස්වීම් භාර දුන් එම සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත්කරන්නැයි, විපක්ෂ නායක කාර්යාලයට දැනුම් දී ඇතැයි ද පාර්ලිමේන්තුව පැවසීය. මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද පැවසේ.

කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඒ ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසයි.

ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ..

පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...