වීදි කොණේ හඬනා කිරි දරුවෝ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW):රට පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් – 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇති අතර කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල කියා සිටී.

 

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ

අපි කරපු අධ්‍යයන තුළ පෙනී යනවා 2019 වනවිට 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන් කියලා. 2019 පසුව පාස්කු ප්‍රහාරයකොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා මේ පිරිස 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන්. මෙහිදී විවිධ කාණ්ඩයේ දරුවන් ඉන්නවා. මොවුන් බොහෝවිට පූජනීය ස්ථානවල රැදෙනවා. ඒකට හේතුව පූජනීය ස්ථානවලට එන බැතිමතුන් ළමයෙක් දැක්කහමළමයෙක් ගේන දෙයක් දැක්කහම මිල දී ගන්න බලනවා. ඔවුන්ට යම් අනුග්‍රහයක් දක්වන්න කැමතියි. ඒ නිසා මේක ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ බොහෝ ප්‍රදේශවල…” යනුවෙනි.

දරුවන් සිඟමනේ යෙදවීම අපරාධමය වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ හැකියාව පොලීසියට පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේය.

දරුවන් සිඟමනේ යෙදවීම හා දරුවන් මෙහෙකාර සේවයට යෙදවීම කියන කාරණා දෙකම අපේ රටේ නීතියට අනුව අපරාධ වැරදි හැටියට තමා සැලකෙන්නේ. එවැනි අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම නෛතික බලතල පැවරෙන්නේ පොලීසියට. ජාතික ළමා රක්ෂණ අධිකාරියටත් මෙවැනි තත්ත්වයන් ගැන වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවැනි තොරතුරු ආසන්නතම පොලීසියට යොමු කිරීම තමා බොහෝදුරට ජාතික ළමා රක්ෂණ අධිකාරිය විසින් කරන්නේ.”

එමෙන්ම යාචකයන් ලෙස කටයුතු කරන ළමුන් පොලිස් භාරයට ගැනීමේ හැකියාව පැවතුණ ද ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා පවතින නීතිමය බාධාවන් ඊට ගැටලුවක් වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේය.

යාචකයින්ව අත්අඩංගුවට අරන් මෙයාලව දාන්නේ කොහේද කියලා ගැටලුවක් තියෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන රිදීගම යාචකයින්ව රඳවන ස්ථානය සම්පූර්ණයෙන්ම පිරිලා. ඒ නිසා මේ අය උසාවි දාලා රක්ෂිත බන්ධනාගාරගත කරලා වැඩක් නෑ. මොකද එයාලව එහෙම නම් දිගු කාලීන පුනරුත්තාපන වැඩසටහනකට දාන්න ඕනේ. ඒ වගේ ඉඩකඩ ප්‍රශ්නයක් තියෙනවා. අපිට පුළුවන් මෙහෙයුමක් දියත් කරලා ළමා යාචකයින්ව අරන් දාන්න. එයාලව තියන්නේ කොහේද කියන ප්‍රශ්නයට විසඳුමක් තියෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්.”

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...