ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසර සංවර්ධනයට චීනයේ සහය!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා වන ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානමින් සිටින බව ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේය.

එම හමුව බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී අද (27) පස්වරුවේ පැවැත්විණ.

“ස්වාධීනත්වය, ස්වෝත්සාහය, සමගිය හා අන්‍යෝන්‍ය සහාය ”පදනම් වන “සහල්-රබර් ගිවිසුමේ”ජීවගුණය උරුම කර ගනිමින්, දිගු ඉතිහාසයකට හිමිකම් කියන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කිරීම දෙරටේ ජනතාවගේ පොදු අභිලාෂය බව ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීන-ශ්‍රී ලංකා සම්බන්ධතා බලශක්ති, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සමුද්‍රීය ආර්ථිකය හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවලින් තවදුරටත් ඉදිරියට රැගෙන යා හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය හා ජාතික අභිමානය සුරැකීමට චීනය සහාය ලබා දෙන අතර, ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් පෙර සේම උපරිමයෙන් ආධාර සපයන බව ද චීන ජනාධිපතිවරයා කියාසිටියේය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා වන ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානමින් සිටින බවත් සාමකාමී සහජීවනය සහතික කෙරෙන පස් වැදෑරුම් මූලධර්ම අනුගමනය කරමින් කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමග එක්ව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම හමුවේ දී කියාසිටියේ, චීනය සමග පවතින සම්බන්ධතා තම රට සැමවිටම වැදගත් කොට සලකන බවයි. ශ්‍රී ලංකාව හා චීනය දුක සැප දෙකෙහි එකට සිටින කල්‍යාණ මිතුරෝ වෙන අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ චීනය සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හෙතෙම කියාසිටියේය. එසේම, එකම චීනය ප්‍රතිපත්තිය සපුරා අනුගමනය කරන බව ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...