*
Monday, September 23, 2024
spot_img

Latest Posts

රාමායන පියමඟ ඉදිරිපත් කෙරේ

නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ශ්‍රී ලංකා –  ඉන්දියා සමාජය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් 2022 මාර්තු 10 වන දින ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය්දී සංවිධානය කර තිබූ “රාමායන පියමඟ” ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී විය.

2.        මෙම අවස්ථාව ඇමතූ නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සංස්කෘතික බැඳීම් සහ දෙරට ජනතාව අතර පවතින සබඳතා පිළිබඳව අවධාරණය කළේය. 2021 අප්‍රේල් මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සංචාරක බුබුළක් ස්ථාපනය කිරීම, සංචාරක කර්මාන්තය පිළිබඳ තෙවන ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව පැවැත්වීම සහ 2021 ඔක්තෝබර් මාසයේදී කුෂිනගර් ගුවන් තොටුපළ වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත් වීම වැනි ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද එතුමා මෙහිදී සඳහන් කළේය.

3.        ඉන්දියාව නැවතත් සංචාරකයන් පිළිගැනීමට සූදානමින් සිටියි.  මෙහිදී ඉන්දියාවට සංචාරකයන් පැමිණෙන රටක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා ඉන්දීය රජය මෑතක දී පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් වූ සංචාරකයන් සඳහා RT – PCR පරීක්ෂණ අනවශ්‍ය බව නිවේදනය කළ අතර 2022 මාර්තු 27 වන දින සිට ජාත්‍යන්තර වාණිජ ගුවන්යානා යළි අරඹන බව ප්‍රකාශ කළේය. 2021 වසරේදී ක්‍රියාත්මක කරන ලද කොවිඩ් ආශ්‍රිත සීමාකිරීම් හමුවේ පවා සංචාරකයින් 194,000ක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එයින් 56,268 දෙනෙකුම ඉන්දීය සංචාරකයින් වේ. මෙම සංඛ්‍යාව සමස්ත සංචාරක පැමිණීම්වලින් 29%ක් පමණ වේ. කෙසේ වෙතත් මෙම අගයන් තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව විසින් ප්‍රයත්න දැරිය යුතු බව මෙහිදී අවධාරණය කරන ලදී.

4.       පසුගිය මාස දෙකක කාලය තුළ ශ්‍රී ලංකා සංචාරකයන් 7,682 දෙනෙකු ඉන්දියාවට පැමිණ ඇති බව ද එයින් 196 දෙනෙකු වෛද්‍ය කටයුතු සඳහා ගොස් ඇති බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය. 2019 වසරේදී වාර්තා වූ ලක්ෂ 3ක සංචාරකයන් ගණන නැවතත් ළඟා කර ගැනීමට උත්සහ දැරිය යුතු යැයි එතුමා සඳහන් කළේය. සෑම ක්ෂේත්‍රයකම ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට හොඳ කාලයක් උදා වී ඇති බව ප්‍රකාශ කළ එතුමා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වීම, බොලිවුඩ් ශිල්පීන් සහ නිර්මාණකරණයේ නිරත වෙනත් ශිල්පීන් සහ ආයෝකයන් යනාදිය උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.

5.       ඉන්දීය සංචාරකයන්ට වැදගත් වන ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන රාමායනය හා සබැඳි විවිධ ස්ථාන ද (රාමායන පියමඟ) මෙම වැඩසටහනේදී ඉදිරිපත් කරන ලදී.

***

කොළඹ

2022 මාර්තු 11   

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan