පාස්කු ප්‍රහාරය විහිලුවට ගන්න එපා. දැන්වත් සත්‍ය අනාවරණය කරන්න කටයුතු කරන්න – විපක්ෂ නායක සජිත්

Date:

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තාව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පරිශීලනය කිරිමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් පාස්කු වාර්තාවේ කොටස් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවා සඟවා ඇති බවත් ප්‍රමාණවත් ඔප්පු කිරීම්වලින් බැහැරව තෝරා ගත් මහමොළකරුවන් නම් කිරීම නිසා විවිධ පුද්ගලයන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රමාණය හා නිර්දේශ ප්‍රමාණය, මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු, මෙම විමර්ශන වාර්තා මහජනතාවට පරිශීලනය කිරිමට නොදීමට හේතු මෙන්ම වත්මන් ජනාධිපතිවරයා 2022.7.18 දින ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා පැවසූ එම පරීක්ෂණය සම්බන්ද තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් අද සමහර මන්ත්‍රිවරුන්ට මෙය විහිළුවක් වුවත් සමස්ත ජනතාවට මෙය විහිළුවක් නොවන බවත් මින් විපතට පත් ජනතාවට විහිළුවට නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (01) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රශ්න කරමිනි.

සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සංවාද පැවැත්වූයේ බුද්ධි අංශ නිලධාරියකු බවට එෆ්. බී. අයි. ආයතනය ප්‍රකාශ කළත් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සිදු නොවු බවත් මීට අදාළ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට විශාල වශයෙන් බාධා ඇති ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මිලේච්ඡයන් සමඟ පැවැති බුද්ධි අංශ සම්බන්ධතාව ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වාසිය ගත්තේ ගෝඨාභය

පාස්කු ප්‍රහාරය නිසා විශාලම වාසිය ලැබුයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී බවත් ඔහු බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයනවා කියා වුවත් ජනාධිපති වූ පසු මේ සම්බන්ධ පරික්ෂණ සිදු කළ නිලධාරින් 31කට වැඩි ප්‍රමාණයක් මාරු කළ බවත් මේ සඳහා අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ඉන්දීය බුද්ධි අංශ මේ ගැන දැනුවත් කර ඇති බවත් එසේ දැනුවත් කළ දින වකවානු දැන ගැනීමට අවශ්‍ය බවත් විවිධ කොමිෂන් වාර්තා අනෙකුත් වාර්තා හා අධිකරණ නියෝග හරහා විවිධ පුද්ගලයන්ට විරුද්ධව පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අවස්ථාවක ඒ සඳහා පියවර නොගත්තේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු ජනාධිපති ඉඟි පළ කරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද?

හිටපු ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් මඟින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන ඉඟි පළ කරන හෙයින් මේ ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි සුවිශාල අපරාධයකට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු හෙළිදරුව් නොකිරීමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ගැටලුවලට අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...