ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සමගි ජන බලවේගයට එක්වෙයි

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක, වරාය, වරාය නගර සහ වරාය ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා ඊයේ (02) සමගි ජන බලවේගය හා එක්වී තිබේ.

ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූ ඒ මහතා 2016-2017 කාලයේ වරාය අධිකාරියේ වැඩබලන සභාපතිවරයා ලෙසත් එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් කටයතු කර ඇති අතර ඊට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කර ඇත.

ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ තනතුරු රැසක්ම දරා ඇති ඒ මහතා ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය විෂයට අදාළව පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ග්‍රන්ථ රැසක්ද ප්‍රකාශයට පත් කරවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...