ඉතිහාසයේ විශිෂ්ඨම හඹා යාමේ ජයග්‍රහණය අසළටම ආ පකිස්තානයට ලියොන් මඟ වරද්දයි

Date:

ඉතිහාසයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක සිව්වන ඉණිමේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ලබා ගැනීමට තිබූ ජයග්‍රහණයට සමීප වෙමින් සිටි පකිස්තානය ජයග්‍රාහී මාවතෙන් පිටට තල්ලු කළ ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන නේදන් ලියොන් ඕස්ට්‍රේලියාව පරාජයෙන් ගලවා ගැනීමට සමත් විය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම හඹා යාමේ ජයග්‍රහණයට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළේ 2003 වර්ශයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 418 ක් ලබා ගනිමින් ය.එහිදී ප්‍රථම ඉණිමට ලකුණු 240 බැගින් දෙපිලම එක් කළ අතර ඕස්ට්‍රේලියාව දෙවන ඉණිමේදී මැතිව් හේඩන්ගේ සුපිරි ලකුණු 177 සමඟ සිය ලකුණු පූවරුව 417 දක්වා ඔසවා තැබීය. ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 418 හඹා යාමට පැමිණි කොදෙව් ඉණිමට බ්‍රයන් ලාරා අර්ධ ශතකයකින්,සහ රාමනේස් සර්වාන් සහ සිවනාරීන් චන්ද්‍රපෝල් ශතකවලින් ශක්තිය දුන්හ.අවසානයේ ටෙස්ට් ඉතිහාසයේ හඹාගොස් ලබා ගත ඉහළම ජයග්‍රහණය කොදෙව්වන්ට හිමි වෙද්දී ඔවුන්ට අහිමි වී තිබුණේ කඩුලු හයක් පමණි.

පකිස්තානයට ජයග්‍රහණය වැළකුණු තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 556 ක් රැස් කළේ කඩුලු නවයකට ය. පකිස්තානය රැස් කළේ ලකුණු 148 කි.දෙවන ඉණිමටද ඕස්ට්‍රේලියාව පහර දෙමින් කඩුලු දෙකකට ලකුණු 97 ක් ලබා පකිස්තානයට ලකුණු 506 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය.

දැවන්ත ඉලක්කයක් වුව ද,පකිස්තානය වරෙක පන්දු 73 දී ලකුණු 114 ක අවශ්‍යතාවයක් සහිතව සිටියේ කඩුලු හයක් අතැතිවය.ඒ වන විට පස්වන කඩුල්ලේ සබඳතාවය නොබිඳි 115 ක් එක් කර තිබිණි.
නායක බාබර් අසාම් 196 ක් ද,මොහොමඩ් රිස්වාන් 66 ක් ද ගෙන කඩුල්ලේ නොදැවී සිටියහ.දෙදෙනා පකිස්තාන 20/20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බැවින් තරගය වේගයෙන් පකිස්තානයේ ජයග්‍රහණය දෙසට නැමෙමින් තිබූ මොහොතේ නේදන් ලයන් ක්‍රියාත්මක වෙමින් හිමි විය යුතුවම තිබූ ද්විත්ව ශතකය අසාම්ට අහිමි කරමින් ඔහු ලකුණු 196 ට පිටියෙන් ඉවත් කළේය.

බාබර් අසාම්ව සිය දෙවන කඩුල්ල හැටියට පිටියෙන් ඉවත් කළ නේදන් ලයන් ඉන් අනතුරුව තවත් කඩුලු දෙකක් ඉවත් කරමින් ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව දෙසට හැරවීය.නමුත් මොහොමඩ් රිස්වාන් සටන අත් නොහැර නොදැවී ලකුණු 104 ක් ලබා ගනිමින් නේදන් ලයන්ගෙන් පකිස්තානය බේරා ගන්නට සමත් විය.තරගය ජය පැරදුමෙන් තොරව නිමාවන විට පකිස්තානු දෙවන ඉණිම කඩුලු 7 ට ලකුණු 443 ක් ලෙස සටහන් වී තිබිණි.නේදන් ලයන් ලකුණු 112 ට කඩුලු 4 ක් දවා ගෙන තිබිණ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල...

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි !

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්වයක්...