සිරිමාවෝ ක්‍රිකට්වලට ශ්‍රී ලංකා ක්‍රිකට් රුකුල් දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 05, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් ලෙදර් පන්දු ක්‍රිකට් ආරම්භ කිරීම සඳහා පිරිනැමූ පැති පුහුණු කඩුල්ල එම විද්‍යාලය වෙත භාරදීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාසල් ක්‍රිකට් සම්බන්ධීකාරක මොරිස් ද සිල්වා අතින් සිදු විය.

එම විද්‍යාලයේ පාසල වයස අවුරුදු 15 සහ 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති අතර එම ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට උපකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට,සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යලීය විදුහල්පතිණි,ආචාර්ය ජේ.සුමේධා ජයවීර විසින් ස්තූතිය පුද කළාය.

එහිදී අදහස් දැක් වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායිකා මෙත්මි ආදිත්‍ය පැවසුවේ පාසලට පුහුණුවීම් කඩුල්ලක් ලැබීම ගැන සතුටු වන බවත්, එයින් හොඳ කණ්ඩායමක් ගොඩනැගීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම බාලිකාවන්ගේ අරමුණ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...