දමිතා සහ ඇගේ සැමියා ලබන 17 දක්වා රිමාන්ඩ්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමි පුරුෂයා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්නට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිඹුනු අතර, ඔවුන් දෙදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පෞ මෙලෙස අද (05) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...