UNICEF හෙළි කරන ගාසා තීරයේ දරු­වන්ගේ කඳුළු කථාව!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):පසු­ගිය 2023 වසරේ ඔක්තෝ­බර් මස 7 වැනිදා ආරම්භ වූ ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර යුද ගැටුම් හේතු­වෙන් ගාසා තීරයේ දරු­වන් 13,800කට දිවි අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අර­මු­දල (යුනි­සෙෆ් සංවි­ධා­නය) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම සංවි­ධා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා කැත­රින් රසල් ප්‍රකාශ කර ඇත්තේ තවත් දහස් සංඛ්‍යාත දරු­වන් තුවාල ලබා ඇති බවය.

ගාසා තීරයේ යුද ගැටුම් හේතු­වෙන් සෑම මිනිත්තු 10කට වරක් දරු­වකු ජීවි­ත­ක්ෂ­යට පත්වීම හෝ තුවාල ලැබීම සිදු­වන බව අමෙ­රි­කාවේ නිව්යෝක් නුවර පසු­ගි­යදා පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් යුනි­සෙෆ් සංවි­ධා­නයේ විධා­යක අධ්‍ය­ක්ෂිකා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ කාන්තා­වන් දස­ද­හ­ස­කට වඩා ඝාත­නය වූ බවත්, මව්ව­රුන් 6000ක් ඊට අයත් බැවින් දරු­වන් 19,000ක් අනාථ වී ඇතැයි ද ඇය හෙළිදරව් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...