යුරෝපය උෂ්ණත්වය වාර්තාගත ඉහළ මට්ටකට තල්ලු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): විද්‍යාඥයන් කිසිදා දැක නොමැති අතිශය තාප පීඩන දින කිහිපයක් යුරෝපයට බලපෑ බව යුරෝපා සංගමයේ පෘථිවි නිරීක්ෂණ සේවාව වන කොපර්නිකස් සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO)නිවේදනය කර තිබේ.

මේ වන විට යුරෝපීයයන් දිවා කාලයේ පෙර නොවූ විරූ උණුසුමකින් පීඩා විඳින අතර රාත්‍රියේදී අපහසු උණුසුමකින් පීඩා විඳියි. දශක දෙකක කාලය තුළ යුරෝපයේ උණුසුම හේතුවෙන් ඇතිවන මරණ අනුපාතය 30% කින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා කෙරේ.

2023 වසරේ උණුසුම්ම මාසය ලෙස සැප්තැම්බරය වාර්තාගත වීමත් සමඟ එතැන් සිට අසාමාන්‍ය ලෙස යුරෝපය පුරා තාප තරංග වර්ධනය විය. උණුසුම් හා වියලි කාලගුණය ගම්මාන විනාශ කළ අතර විශාල ලැව් ගිනි අවුලුවා ලීමට සමත් විය. පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ඉතාලිය වැනි නියඟයෙන් පීඩා විඳි අතර හෙක්ටයාර 96,000 ක භූමි ප්‍රමාණයක් දැවී ගිය යුරෝපා සංගමයේ වාර්තා වූ විශාලතම ලැව්ගින්න ග්‍රීසියට බලපෑවේය.

ඒ හා සමානව අධික වර්ෂාව නිසා මාරාන්තික ගංවතුර ද ලෝකය පුරා ඇති වී විශාල වශයෙන් ජිවිත හා දේපල හානි ද ඇති විය. විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ තත්වය තවදුරටත් භයානක විය හැකි බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...