ජනාධිපතිවරණයට අපේක්ෂයෙක් දානවාද මම දන්නෑ. මං පොහොට්ටු නායකයෙකුත් නෙවෙයි – ප්‍රසන්නගෙන් අමුතු කතාවක්

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් තමන් නොදන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ජනාධිපතිවරණයට ඇත්තටම පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද ?

“ඒක අපි තාම දන්නෙ නෑ. ඒක පිළිබඳ තීන්දුවක් නෑ. මේ වෙනකොට ඉදිරිපත් වෙනවායි කියලා තියෙන කාණ්ඩය මාධ්‍ය ඕගොල්ලන්මයි අපිව දැනුවත් කරන්නෙ. ඉස්සරහට ඒක බලාගන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබතුමාලා පොහොට්ටුවේ නායකයොනෙ ?

“නෑ, මං පොහොට්ටුවේ නායකයො නෙවෙයි. පොහොට්ටුවේ නායකයො සම්බන්ධ වෙච්චි දේශපාලන බලමණ්ඩලයේදී අනාගතයේදී තීන්දුවක් ගන්නවා කිව්වා, එච්චරයි”

ප්‍රශ්නය – පොහොට්ටුවක් නැද්ද ඒ කියන්නෙ ?

“ඇයි නැත්තෙ ? පොහොට්ටුවෙ තමයි. මම අදටත් පොහොට්ටුවේ. අපි පොහොට්ටුවෙ තමයි කටයුතු කරන්නෙ”

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (22) ජාඇල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...