(VIDEO):ආණ්ඩුව වංගු ගහනවා.විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ආසර්ථකයි.IMF තුනත් නැතිවෙන ලකුණු – මෙන්න හේතුව

Date:

කොළඹ LNW:ආර්ථිකය යළි කඩා වැටේවි යන බියෙන් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කල්මරමින් සිටින බවට සාධාරණ සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ හේතුව නිසා ජාත්‍යන්තර අරමුදලේ තුන්වන වාරිකය ලැබීමත් දැඩි අවදානමක තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් වූ පසු ප්‍රමාද පොළිය හෝ කොටස් ලෙස ගෙවීම ණය හිමියන් අපේක්ෂා කරන හෙයින් පවතින ආර්ථික තත්ත්වය අනුව රජයට එය අවදානම් සහගත තීරණයක් හෙයින් එම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ජා කල්මරමින් පසුවන බවටයි මන්ත්‍රීවරයා කරුණු දක්වන්නේ.

කෙසේවෙතත් එම බැඳුම්කර වෙත ගෙවන්නේ මෙරට ජනතාව දුක්මහන්සියෙන් විදේශන්හි උපයන ඩොලර්වලින් වීම නිසා මෙම ණය හිමියන සමඟ වන සාකච්ජාවල විනිවිදභාවයක් තිබිය යුතු බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...