බ්‍රාමොස් සුපර්සොනික් මිසයිල ඉන්දියාව සහ තුර්කිය අතර ප්‍රශ්නයක් ඇතිකරයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව විසින් ග්‍රීසියට බ්‍රාමොස් සුපර්සොනික් මිසයිල අලෙවි කිරීම තුර්කියේ කනස්සල්ලට හේතු වී ඇතැයි Bulgarian Military උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, වඩාත් කාර්යක්ෂම ආරක්ෂක පද්ධතියක් කෙරෙහි අවධානය යොමු කරන ග්‍රීසියට ඉන්දියාවෙන් මිසයිල අලෙවි කිරීම හේතුවෙන් සහ ඉන්දියාව අතර සබඳතා බිඳ වැටීමට හේතුවනු ඇති බවටයි.

තුර්කිය සමඟ ඇති හමුදා සහ ආර්ථික සබඳතා තුළින් ඈත් වෙමින් ආමේනියාවට ආයුධ සැපයුම වැඩි කිරීමට ද ඉන්දියාව පියවර ගෙන ඇතැයි ද, එය තුර්කියේ වැඩි අවධානයට යොමු වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ග්‍රීසිය සහ ඉන්දියාව අතර සබඳතා ඉහළ යෑමට හේතු වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී ග්‍රීසියේ අගමැති කිරියාකොස් මිට්සොටාකිස්ගේ ඉන්දීය සංචාරය බවත්, එම සංචාරය අතරතුර ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති සාකච්ඡා දෙරට අතර උපායමාර්ගික සබඳතා වර්ධනය වීමට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. වසර 16කට පසු ග්‍රීසියේ අගමැතිවරයකු ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...

CEB 11 % ඉක්මවූ ගාස්තු වැඩිකිරීමක් ඉල්ලයි!

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි...

බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : අද (02) දින...