බණ්ඩාරවෙල 17 න් පහළ වැඩි දස්කම් බස්නාහිර,දකුණ,මධ්‍යම සහ ඌව පළාත්වලින්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 23, කොළඹ (LNW): බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවති අවුරුදු 17 න් පහළ බැඩිමින්ටන් සූරතාවලියේ පිරිමි ඒ සුපිරි අංශයේ ජයග්‍රහණව දිනා ගන්නට වත්තල ලයිසියම් විද්‍යාලයට හැකි වුණා.එහි අනූ සූරතාව ගාල්ලට රැගෙන යාමට රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රීඩකයින්ට හැකි වුණා.බාලිකා ඒ අංශයේ සුපිරි ජයග්‍රහණය දිනා ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලීය කණ්ඩායමයි.නුගේගොඩ අනුලා විද්‍යාලය අනු සූරතාවයට හිමිකම් කිව්වා.


පිරිමි ඒ කොටසේ සූරතාවය දිනා ගත්තේ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලීය කණ්ඩායමයි.අනු සූරතාවය රාජකීය විද්‍යාලීය ඒ කණ්ඩායමට හිමි වුණා.කාන්තා ඒ සූරියන් සහ අනු සූරියන් වන්නට පිළිවෙලින් දකුණේ පාසල් දෙකක් වන බද්දේගම ක්‍රිස්තුරාජ විද්‍යාලිය සහ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලීය කණ්ඩායම්වලට හැකි වුණා.බී කාණ්ඩයේ බාලක සූරතාවය සත්කාරක බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලීය ඒ කණ්ඩායම සතු වෙද්දී අනු සූරතාවය කොළඹ ඒෂියන් ග්‍රැමර් විද්‍යාලය සතු වුණා.එම කාණ්ඩයේ බාලිකා සූරියන් අනු සුරියන් වූයේ පිළිවෙලින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමරි යන විද්‍යාලයි.


සී කාණ්ඩයෙන් බාලක අංශයේ සූරයන් වන්නට කොළඹ මහානාමය සමත් වූ අතර කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය එහි අනු සූරතාවය දිනා ගත්තා.කොළඹ සයිව මන්ජරිය විද්‍යාලය සී සූරියන් වූ අතර කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අනු සූරියන් වුණා.ඩී කාණ්ඩයේ සූරයන් වූයේ කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලය වන අතර අනු සූරයන් බවට පත් වෙන්නට කුරුණාගල මලියදේව ආදර්ශ පාසලට පුළුවන් වුණා.ඩී කාණ්ඩයේ සූරියන් වූයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාල බාලිකාවන්ය.අනු සූරතාවය මහනුවර සීතාදේවිය බාලිකාවන් සතු කර ගත්තා.


කොටස් පහකින් පැවත් වූ තරගාවලියේ අවසාන ඊ කොටස නියෝජනය කරමින් තරග වැදුණු කණ්ඩායම් අතරින් සූරයන් බවට පත් වූයේ කළුතර තිස්ස විද්‍යාලය යි.අනු සූරතාවය කොල්ලුපිටිය ශාන්ත තෝමස් පූර්ව පාසලය හිමි වුණා.බාලිකා සූරියන් නිර්මාණය වුයේ මහනුවර විහාරමහාදේවී බාලිකාවෙන්ය.අනු සූරියන් පානදුර ශාන්ත ජෝන් බාලිකාවෙන් තේරී පත් විය.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා විශාල වාරුවක් ජාතික සම්මේලනයෙන් ලබා ගත් අතර ජය සංඛේත ප්‍රදානයට ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා කැදවා තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...