සන්නස්ගල ඇප මත නිදහස්

අද (24) පෙරවරුවේ කඳාන පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ජනප්‍රිය හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැර තිබේ.

ඒ, ඔහුව වැලිසර මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් අනුව ය.

RN