ලිට්රෝ ගෑස් මිළ නොවෙනස්ව තිබිය දී ලාෆ් ගෑස් මිළ ඉහළට!

Date:

ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිළ ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ලාෆ් සමාගම සපයන කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු. 1,359 කින් ඉහළ නංවා නව මිළ රු. 4,199 ලෙස සටහන්ව තිබේ.

කෙසේවෙතත්, මෙවන් මිළ ඉහළ දැමීමක් සඳහා රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගමට අවසරයක් ලබා දී නැති බවයි වාර්තා වන්නේ.

2021 අගෝස්තු මාසයේ දී ලාෆ් සමාගම සිය කි.ග්‍රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රු. 1,493 සිට රු. 1,856 දක්වා ඉහළ දැමූ අතර, ඉකුත් ඔක්තෝබර් මස මෙම මිළ රු. 2,840 දක්වා ඉහළ ගියේය.

කෙසේවෙතත්, නවතම මිළ රු. 4,199 ලෙස සටහන්ව තිබේ.

පවතින මිළට ගෑස් ලබා දෙන ලිට්රෝ සමාගම තම ආර්ථික අවදානම සම්බන්ධයෙන් ප්‍රකාශ පවා නිකුත් කර තිබිය දී ලාෆ් සමාගමට පමණක් මිළ ඉහළ දැමීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ මන්ද යන්න ප්‍රශ්න සහගත ය.

මෙම තත්ත්වය තුළ, රටේ සියලු හෝටල් වසා දැමෙද්දී ඩොලර් රටට අහිමි කරමින් ගෑස් මත යැපෙන සියලු කර්මාන්ත වසා දමා ජනජීවිත අවුල් කොට ගෑස් හිඟය මතින් තම පෞද්ගලික අවශ්‍යතාව සපුරා ගන්නේ කවුරුන් ද යන්න ලිට්රෝ ගෑස් සුරැකීමේ එකමුතුව ප්‍රශ්න කර සිටියි.

ලිට්රෝ ගෑස් මිළ ගණන් දර්ශකය

ලිට්රෝ ගෑස් සමාගම කඩකප්පල් කිරීමට මෙම පාර්ශවයන් මුලසිටම දැරි ප්‍රයද්නය මෙමඟින් පැහැදිලි වන බව ද ඔවුහු අවධාරණය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තරගාවලිය සම වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යන්න දවසට රුපියල් ලක්ෂ 50ක් ඕනෑ – දියවඩන නිලමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට...

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...