අපි සිටින්නේ කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

Date:

අපි සිටින්නේ
කවුරුන් විසින් හෝ සෑදුව
කුඩා සෙල්ලම් ගේක වෙන්නට බැරිද ?

මේ ඉර එළිය නොවෙයි
අධි වෝල්ටීය බල්බයක් වෙන්නට හැකියි

කහපාට බැලුමක්
කෘතීම කළුවරක එල්ලා
අප ලවා ඊට “සඳ” කියා
නම්කරන්නට සැලැස්වූවා වෙන්නට හැකියි

“වැස්ස” යි කියා රවටන්න
වතුර මලකින් වතුර ඉසිනවා වෙන්නට හැකියි
දිය බිංඳුවලට කැඩපතක් අල්ලා
දේදුනු මවනවා වෙන්නට හැකියි

ගං වතුර ගලන්නේ
කරාමය වහන්නට අමතකව ගියෙන්
වෙන්නට හැකියි
නියඟයක් හැදෙන්නේ
ඔවුන් ගෙවල් දොරවල් වසා
චාරිකා යන කාලයේදි වෙන්නට හැකියි

එහෙමත් නෙවෙයි නම්
අපි සිටින්නේ
බිරිඳ මියගිය මැදිවයස් පිරිමියෙක්
කාන්සියෙන් යුතුව සදන ලද
කුඩා බීකර උද්‍යානයක වෙන්නට බැරිද ?

මල් පිපෙන ගස්කොලං ඔක්කොම
ඔහු ඉන්ඳවූ පෙඳ පාසි වෙන්නට හැකියි ශෝකසහගත සාංකා වෛරසය
ඔහුගෙන් අපිට ආසාදනය වුනා වෙන්නට හැකියි

රෑ වෙද්දි අත් කාචයක උදව්වෙන්
බිරිඳගේ රුවෙන් යුතු මුහුණක්
සොයනවා වෙන්නට හැකියි
එහෙම ගැහැනියක් දුටුවොතින් ඔහු
පැය ගනං එක දිගට
අන්ධකාරේ ගිලෙනවා වෙන්නට හැකියි

එවැනි රාත්‍රීන්වල අපි
අහේතුකව කෝප ගන්නවා වෙන්නට හැකියි
නොදන්නා හේතුවකට
නොසන්සුන්වෙමින් වැලපෙමින් නිදිවර්ජිතව හිඳිනවා වෙන්නට හැකියි

~ දිනූ රාජගුරු

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...