හිටපු ජනාධිපති ගෝඨාභයගේ නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන්ගේ අප්‍රසාදය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාවද්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළහ, ඒ පාස්කු ප්‍රහාරයේ පස්වන සැමරුම අවස්තාවේදී තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බව, උන්වහන්සේ කියා සිටී.

මෙම ප්‍රහාරය පිළිබද විමර්ශන සිදු කෙරෙන ආකාරය මෙන්ම පරික්ෂණ වාර්තා පිළිබද පසුගිය අප්‍රේල් 21 වනදා පැවති පාස්කු ප්‍රහාරයේ සැමරුම් අවස්ථාවේදී අගරදගුරු හිමිපාණන් කරුණු ඉදිරිපත් කළ අතර, ඒ පිළිබද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 25 වනදා නිවේදනයක් නිකුත් කරමින් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළ ඇතැම් දෑ සාවද්‍ය බව කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් ඊයේ යළි නිවේදනයක් නිකුත් කළ අතර, පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු දිනට පසුදින ඒ මහතා තමන් වෙත දුරකතන ඇමතුමක් ලබා දුන් බව අගරදගුරු හිමිපාණන් මෙම නිවේදනයෙන් යළි අවධාරණය කර සිටී.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවේදනය තුළ සත්‍ය කරුණු වසන් කිරීමට කටයුතු කර ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙන අතර, පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මෙන්ම ඒ අයට විරුද්ධව ක්‍රියාකාරී නොවූ විවිධ පාර්ශ්වයන් විවේචනය නොකර එතුමන්ට පමණක් දොස් නගන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ චෝදනාව ද සත්‍යයෙන් තොර බව අගරදගරු හිමිපාණන්ගේ නිවේදනයේ දැක්වෙන බව සඳහන් වේ.

අගරදගුරු හිමිපාණන් කියා සිටින්නේ, රාජපක්ෂ මහතා කොමිෂන් සභාවේ වාර්තාව මසක් ඇතුළත අපට භාරදීමට ක්‍රියා කළ බව කියා සිටියද අප වෙත ලැබී ඇත්තේ වාර්තාවේ පළමු වෙළුම පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...