අරාජික වූ රට ගොඩගත්තේ රනිල්.උරුමය කියන්නේ පෙරළියක්!

Date:

කොළඹ LNW:උරුමය වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර එය රටේ විශාල පෙරළියක් සිදුවන ව්‍යාපෘතියක් ලෙස තමන්ට හදුන්වා දිය හැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා භාරගත්තේ අරාජික වූ රටක් වන නමුත් එතුමා අප සමඟ එක්වී මේ රට විශ්වාසනීය රටක් බවට පරිවර්තනය කර තිබෙන බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

” එතුමා රටේ දේශපාලන, ආර්ථික ස්ථාවරත්වය ඇතිකළා. එතුමාගේ ගමන බොහෝ අය විවේචනය කළා. එතුමා ඒ කිසිවකුටත් ඇහුම්කම් නොදී රට ඉදිරියට ගෙන ගියා.පසුගිය අවුරුදු දෙක තුළ ගොවි ජනතාවටද විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණා. පොහොර තිබුණෙ නැහැ. නමුත් වත්මන් ජනාධිපතිතුමා ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර ලබා දුන්නා. එතුමා ගොවි ජනතාව විශ්වාස කළා. අර්බුද සමයේ ආහාර අහේනියක් නොමැති රටක් බවට මේ රට පත් කළේ ගොවි ජනතාවයි. පොළොන්නරුවේ ගොවි ජනතාව වෙනුවෙන් උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දිමට පියවරගනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වටපිටාවක් අද ගොඩනැගී තිබෙනවා.ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට ද කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ඔබ ලබා දී තිබෙන වර්ධනයද පිටිවහලක් වුණා. එම නිසා අප කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද පවත්වාගෙන යමින් රට ගොඩනැගීමට ඔබ සියලු දෙනාගේ සහාය අපේක්‍ෂා කරනවා” යනුවෙන් අගමැතිවරයා තවදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...