(VIDEO):අර්බුදයට ගිය පොදු සමාව පාර්ලිමේන්තුවටත් එයි!

Date:

කොළඹ LNW:ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව වෙත ලබා දී තිබෙන සේවය හැර ගිය පිරිස් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ලබා දී තිබෙන පොදු සම කාලය ඇතැම් ක්ෂේත්‍ර වෙත නොලැබීම හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව පසුගිය දින කිහිපය තුළම ප්‍රවෘත්ති හරහා වාර්තා කෙරුණි.

විශේෂයෙන් සෞඛ්‍ය අංශයට එම පොදු සමව අහිමි කිරීම බරපතල වරදක් බවටයි ඊට මුහුණ දී සිටින පිරිස් පවසන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද අවධානය යොමු වූ අතර චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අවධාරණය කළේ විශේෂයෙන් සෞඛ්‍ය සේවයේ පුහුණුව ලත් එවැනි පිරිස වෙත ලොව ඕනෑම තැනක රැකියා ඇති බැවින් ඔවුන්ට හමුදා සේවයෙන් ඉවත්ව එම රැකියා සඳහා යාමට අවස්ථාව ලබා දිය යුතු බවත් එය රටට ඩොලර් ගෙන එන හොඳ ක්‍රමවේදයක් බවත්ය.

ඒ අනුව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවිය යුතු බවටයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...