මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායට බලප ඇති අධික සුළං සහිත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර ඝට්කෝපර් හි අඩි 100ක් පමණ උසැති දැන්වීම් පුවරුවක් නිවාස සහ ඉන්ධන පිරවුම්හලක් මතට කඩා වැටීමෙන් 14 දෙනෙකු මියගොස් 74 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් වාර්තා කර තිබේ.

මුම්බායිහි නාගරික සංස්ථාව ප්‍රකාශ කර තිබුණේ, සිද්ධියෙන් පසු තවත් බොහෝ පිරිසක් සිරවී සිටි අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අද(14) අලුයම දක්වා ක්‍රියාත්මක වූ බවයි.

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම නීති විරෝධී වන බවයි.

කෙසේ නමුත්, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...