තවත් වසර 5කින් LTTE සංවිධානයට පනවා ඇති තහනම දීර්ඝ කිරීමට ඉන්දීය රජයෙන් පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තවත් වසර 5කින් LTTE සංවිධානයට පනවා ඇති තහනම දීර්ඝ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙන අතර. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටින්නේ, එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරකම් තවමත් ඉන්දියාවේ ඒකීයත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවයි.

එබැවින් එම සංවිධානයට පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි,

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ, එල්ටීටීඊට ජනතාව අතර බෙදුම්වාදයක් ඇතිකිරීම සදහා කටයුතු කරමින් සිටින අතර තමිල්නාඩුවේ ඒ සදහා ආධාර හා උපකාර හිමිවන බවයි.

2009 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකා රජය එල්ටීටීඊය පරාජය කළද ඊලාම් රාජ්‍යයක් සදහා වන අදහස එම සංවිධානය අතහැර නොමැති අතර ඒ සදහා අරමුදල් රැස්කරමින් රහසිගතව කටයුතු කරමින් සිටින බවද එහි සදහන් වේ.

එමෙන්ම ඉතිරිව සිටින එල්ටීටීඊ නායකයින් හෝ සාමාජිකයින් යළි එක්රැස්කර දේශීයව හා ජාත්‍යන්තරව එම සංවිධානය යළි පණගැන්වීමේ උත්සාහයන් ද ආරම්භ කර ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

ඉන්දීය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය 1967 නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමේ පනතේ තුන්වන වගන්තියේ එක හා තුන්වන උප වගන්ති ක්‍රියාත්මක කරමින් මෙම තහනම පනවා තිබෙන බව වැඩිදුරටත් The Indian Express වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...