අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(17) දිනයේ මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

ගෝර්ගේ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අබ්දුල් වහීඩ් හමාස් අද(18) දිනයේ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, වර්ෂාව හේතුවෙන් මියගිය අයට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පළාතේ අගනුවර වන ෆෙරෝස් කෝ ඇතුළු ගංවතුරෙන් නිවාස හා දේපළ දහස් ගණනකට හානි වූ අතර හෙක්ටයාර් සිය ගණනක් කෘෂිකාර්මික ඉඩම් විනාශ වීමත් සමඟ පළාතට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්ය.

දැනටමත් දණින් වැටී ඇති සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක, පසුගිය සතියේ ඇති වූ ගංවතුර හේතුවෙන් සමහර සෞඛ්‍ය පහසුකම් ක්‍රියා විරහිතව ඇති අතර ගංවතුරින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජලයෙන් බෝවන රෝග ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් ලෙස සලකන අතර පසුගිය සතියේද මේ හා සමාන ලෙස ඇතිවූ අධික වර්ෂා තත්වය හා ගංවතුර හේතුවෙන් 315 දෙනෙකු මියගොස් 1,600කට වැඩි පිරිසක් තුවාල ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...