අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 18,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(17) දිනයේ මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් නිවේදනය කර තිබේ.

ගෝර්ගේ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අබ්දුල් වහීඩ් හමාස් අද(18) දිනයේ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, වර්ෂාව හේතුවෙන් මියගිය අයට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් පළාතේ අගනුවර වන ෆෙරෝස් කෝ ඇතුළු ගංවතුරෙන් නිවාස හා දේපළ දහස් ගණනකට හානි වූ අතර හෙක්ටයාර් සිය ගණනක් කෘෂිකාර්මික ඉඩම් විනාශ වීමත් සමඟ පළාතට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවත්ය.

දැනටමත් දණින් වැටී ඇති සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක, පසුගිය සතියේ ඇති වූ ගංවතුර හේතුවෙන් සමහර සෞඛ්‍ය පහසුකම් ක්‍රියා විරහිතව ඇති අතර ගංවතුරින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජලයෙන් බෝවන රෝග ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි රටක් ලෙස සලකන අතර පසුගිය සතියේද මේ හා සමාන ලෙස ඇතිවූ අධික වර්ෂා තත්වය හා ගංවතුර හේතුවෙන් 315 දෙනෙකු මියගොස් 1,600කට වැඩි පිරිසක් තුවාල ලැබිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...