*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණය ඔක්තෝබර් – ආණ්ඩුව විසුරුවන බවට ඩිලාන්-උදයංග ඔට්ටු දාලා – රනිල් AI හා කෘෂිකර්මය එක්කරද්දී රාජිත සාමයේ පාගමනක – සජිත් අනුර විවාදයට සජබ දින දෙයි – සුදර්ශනී පොහොට්ටුවෙන් යද්දී ධම්මිකට ලී ක්වාන් යු වැහෙයි

  • ජනාධිපතිවරණය ඔක්තෝබර්
  • ආණ්ඩුව විසුරුවන බවට ඩිලාන්-උදයංග ඔට්ටු දාලා
  • රනිල් AI හා කෘෂිකර්මය එක්කරද්දී රාජිත සාමයේ පාගමනක
  • සජිත් අනුර විවාදයට සජබ දින දෙයි
  • සුදර්ශනී පොහොට්ටුවෙන් යද්දී ධම්මිකට ලී ක්වාන් යු වැහෙයි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 5 හෝ 12 පැවැත්වීමට නියමිතව තිබේ. ඊට පෙර මහා මැතිවරණය මුලින් පවත්වන බව මේ වන විට දේශපාලන ලෝකයේ වැඩි පිරිසකගේ විශ්වාසයයි. එහෙත් මුලින් ජනාධිපතිවරණය පවත්වන බව පවසන පිරිස් ද සිටිති.

මහා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව ජුලි 15 වැනිදාට පෙර විසුරුවා හැරිය යුතුය. ඉන්පසුව මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයට පෙර පැවැත්විය නොහැක.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ගත හැකි දින පිළිබඳව කොමිසම පරීක්ෂා කර සෙනසුරාදා දිනයන් වන ඔක්. 5 හෝ 12 වඩා සුදුසු බවට දින දෙක සලකා බලා ඇත. පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුකූලව මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.

නීත්‍යානුකූලව, මේ වසරේ ජූලි 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණට නාමයෝජනා භාරගන්නා දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත.

නිවේදනයෙන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා භාර ගත යුතුය. ප්‍රතිපාදන යටතේ අවම වශයෙන් දින 28ක සහ උපරිම දින 42ක කාලසීමාවක් ප්‍රචාරක කටයුතු සඳහා ලබාදිය යුතු බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් ඉල්ලා ඇති බවත්, අවශ්‍යතාවය අනුව මුදල් ඉල්ලා සිටින බවත් ය.

කෙසේ වෙතත් අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් වියදම් වැඩි විය හැකි බව ඔහු පැවසීය. “අපේක්‍ෂකයින් සංඛ්‍යාව වැඩි වන තරමට වියදම් වැඩි වේ.” අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්දය පැවැත්වීමේ කාලය ද ඒ අනුව වැඩි වන බව ඔහු පැවසීය.

සුළු ජාතික ඡන්දවල බලය

මෙවර දල වශයෙන් ලක්ෂ එකසිය හැත්තෑ එකක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අතර එයින් ලක්ෂ 140 ක් පමණ ඡන්ද ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂිතය. එයින් සියයට තිස් එකක්ම සුළු ජාතික ඡන්ද වේ. එම නිසා සුළු ජාතික ඡන්ද අතරින් වැඩි ප්‍රමාණයක් ලබන පුද්ගලයා සිංහල ඡන්ද වලින් ඉතිරි ප්‍රතිශතය ලබා ජයග්‍රහණය ලැබීම ජනාධිපතිවරණයේ දී සිදු වන්නට ඉඩ තිබේ.

මේ අය ඇත්තටම කාටද ?

මේ අතර පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ සෙවනේ හෝ පොහොට්ටුව වටා හෝ සිටි විවිධ දේශපාලන මත දරන්නන් මේ වන විට විවිධ දේශපාලන සන්ධාන නිර්මාණය කර ගෙන සිටී. මේ අය අතරින් ඇතැමකුට අද වන විට රාජපක්ෂලා වහ කදුරු ය. එහෙත් මහින්ද රාජපක්ෂ නොවන්නට මේ බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තුවට තබා ප්‍රාදේශීය සභාවකටවත් යාමට අවස්ථාව උදාවන්නේ නැත. මීට පෙර 2005 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ සමීපතමයන්ව සිට පසුව මහින්ද රාජපක්ෂ සරණ ගිය පිරිස් ද අපට මතකය. 2015 දී ඇතැමුන් මෛත්‍රීපාල සිරිසේන වෙත ගියේ ද මේ ආකාරයටම ය.

ඊයේ පෙරේදා මහින්ද සුළඟින් දේශපාලනයට පැමිණි ඇතැමුන් අද කතා කරන්නේ ඔවුන් නිසා මහින්දලා දේශපාලන ජයග්‍රහණ ලබා ගත් ආකාරයටය. මහින්දලාගේ පරාජයට හා ඔවුන්ට එල්ලවූ ජනතා විරෝධයට මේ බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව රහසක් නොවේ. ඔවුන් කුමක් කීවත් ජනතාව බබාලා නොවේ.

අද රනිල් වික්‍රමසිංහ ගේ ගුණ ගායනා කරන මේ පිරිස් අතරින් බොහෝ දෙනෙකු විපක්ෂය සමඟ ද මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින්නේ එන ඕනෑම තත්වයක දී තම ඇමතිකම බේරා ගන්නට ය.

මහා මැතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුවේ අපේක්ෂකත්වය නොලැබෙන අය

මේ අතරේ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙසට ඇමතිකම් දරමින් සිටින ඇතැම් අයට මහා මැතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලැබීම අවිනිශ්චිතය. එම නිසා මේ ඇතැමුන් මතුරමින් සිටින්නේ ජනාධිපතිවරණය මුලින් පවත්වන ලෙසටය. එවිට ලැබෙන ප්‍රතිඵලය මත අනාගත දේශපාලනය මේ බොහෝ දෙනෙකු තීරණය කරනු ඇත.

ආණ්ඩුවේ වැඩ පිළිවෙලට එරෙහිව රට වෙනුවෙන් තීරණයකට සූදානම් බව මහින්ද රාජපක්ෂ පවසයි

ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ දී පැවැසීය.

ආණ්ඩුව සමඟ එකට කටයුතු කළත් තමන්ගේ සහ පක්ෂයේ ස්වාධීනත්වය මේ ආණ්ඩුවට පාවා නොදුන් බවත්, මැතිවරණ ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පක්ෂය තුළ ශක්තිමත්ව සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය‍ හෝ ඇතුළු ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

ජාතික සම්පත් විකිණීම ඇතුළු ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන තරයේ විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරය ඒ මතය තුළ සිටින බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය. ආණ්ඩුවේ අයිතිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඇති බැවින් ආණ්ඩුවට තම මතය ප්‍රකාශ කිරීමට ඕනෑම වෙලාවක සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වන්නේ දැයි එහි දී මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේ රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට තමන් සූදානමින් සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මෙවැනි ප්‍රකාශයක් දින කීපයක් තුල සිදුකළේ දෙවන වරට ය.

ඩිලාන් ගෙන් මහා මැතිවරණය මුලින් එන බවට ඔට්ටුවක්

ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ඕනෑම අයෙක් සමඟ ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බව ද හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වා එහි එන ප්‍රතිඵලය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් නැවත බලය ලබා ගැනීමට උත්සාහයක් දැරීමට බව ද හෙතෙම කියා සිටියේය.

උදයංග යලිත් පුවත් මවයි – මහා මැතිවරණයක් ගැන කියයි

එළඹෙන ජුනි මස 14 හෝ 15 මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මතභේදාත්මක චරිතයක් වන උදයංග වීරතුංග ද හෙළිදරව් කර තිබේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරකු ද වන වීරතුංග වැඩිදුරටත් සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ මේ වන විටත් එකඟතාවයකට පැමිණ තිබෙන බවයි.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ස්ථීර ලෙසම පැවැත්වෙන බවට උදයංග වීරතුංග තහවුරු කරන අතර පාර්ලිමේන්තුව ජනාධිපතිවරණයට පෙර විසුරුවන්නේ නැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන කුමන සහතිකයන් දුන්න ද යථාර්ථය එය නොවන බව ද කියා සිටී.

කෘත්‍රීම බුද්ධිය (AI) සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුකරන්නට ජනපති රනිල් සැරසෙයි

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ජනාධිපතිවරයා කීය. කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙනිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට බේරා ගත් රණවිරුවන්ට රුසියානු යුදබිමේ මැරෙන්න සිදුවෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

30 වසරක් ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබූ අප රට දැය බේරා ගත් අප රටේ රණවිරු ප්‍රජාව ආදරයෙන් සිහිපත් කරන බවත් මේ යුද ජයග්‍රහණයෙන් පසු ආදරණීය රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේ ද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් අද වන විට රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බවත් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගාල්ලේ දී පැවසීය.

රට දැය දේශය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ රුධිරය ශරීරයේ ඉන්ද්‍රියන් මෙන්ම ජීවිත පරදුවට තබා කැපකිරීම් කළ රණවිරුවන් ආර්ථික අපහසුතාවලින් පීඩනයට පත්ව ඇති බවත් ඔවුන් අපේක්ෂා කළ සහන අහිමි වීම නිසා රණවිරු පරපුර දරිද්‍රතාවේ පතුලටම වැටි ඇති බවත් මේ නිසා ඔවුන් වැඩි වැටුපකට වැඩි වේතනයකට වෙනත් ආදායම් මාර්ග සොයා ගෙන විදේශ රටවලට ගොස් අනාථ වී ඇති බවත් සමහරු රුසියාවට සිවිල් රැකියා සොයා ගියත් අවසානයේ යුද පෙරමුණට යාමට සිදුව ඇති බවත් මේ නිසා විශාල පිරිසක් ජීවිතක්ෂයට පක්ව ඇති බවත් මෙම මරණවලට හේතුව රජය මෙම රණවිරුවන් වෙනුවෙන් හරිහැටි යුතුකම් ඉටු නොකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබ විවාදයට මාලිමාවට දින ලබාදෙයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබේ.

එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදී ද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයක දී පැවැත්වීමටත් යෝජනා කර ඇත.

ඕනෑම මැතිවරණයකට සූදානම් බව අනුර කුමාර කියයි

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණය ද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහරගම දී පැවසීය.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයකට යා හැකි අතර ව්‍යවස්ථාවට අනුව සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 කාලයේ ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව ද හෙතෙම කීය.

ජනාධිපතිරණයට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට ලංකා පොදු ජන පෙරමුණට මෙන්ම සමගි ජන බලවේගයට ද අවශ්‍ය වී ඇතැයි පැවසූ දිසානායක මහතා ජනාධිපතිවරණය පවත්වා ඉන් පසු පවත්වන මහ මැතිවරණයේ දී අත්වන ඉරණම ගැන ඔවුන් දන්නා නිසා වැඩි කැමැත්ත මහ මැතිවරණයකට බව රහසක් නොවේ යැයි ද, එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක බලය හුවමාරු වීමේ අවස්ථාවක් හෙයින් එම කණ්ඩායම් දෙකම වැඩි කැමැත්තක් මහ මැතිවරණය කෙරෙහි දක්වන බව කී දිසානායක පැවසීය.

පළාත්පාලන මැතිවරණය පවත්වන්නැයි මැතිවරණ කොමිසම අගමැතිට කියලා

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අගමැති දිනේෂ් ගුණවර්ධනට දැනුම් දී ඇත.

පළාත් සභා මැතිවරණය පැරැණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බව ද කොමිසම අගමැතිවරයාට පෙන්වා දී ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අගමැතිවරයා අතර හමුවක් පැවති අතර අගමැතිවරයාට මේ කරුණු පෙන්වා දී ඇත්තේ එම සාකච්ඡාවේදී ය.

පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යයෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බව ද කොමිසම පෙන්වා දී ඇත.

පලස්තීනයට සාමය රැගෙන ඒමට රාජිත යුද විරෝධී සාම පාගමන පවත්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ලෝක යුද විරෝධී සන්ධානය පලස්තීනයට සාමය රැගෙන ඒමට, ඇමරිකාවට බල කෙරෙන සාම පාගමන පසුගිය දා කොළඹ දී පැවැත්විණි.

එහි දී ආරක්ෂක අංශ කොල්ලූපිටිය මංසන්ධියේ දී ඊට අවහිර කරනු ලැබීය. එහි දී ආරක්ෂක අංශ සහ සාමය පා ගමනට පැමිණ සිටි සාමකාමී මිනිසුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාජිත සේනාරත්න ලෝක යුධ විරෝධී සන්ධානයේ සභාපති රාජිත අබේගුණසේකර, පූජ්‍ය පාහියන්ගල හිමි ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් සංදේශයක් භාර දෙන ලදී.

“බලවත් රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන් හුදෙකලා කර මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මුලිනුපුටා දැමීම පිළිබඳව කිසිසේත් අපි සතුටු වෙන්නේ නැහැ. මෙතනට පැමිණ සිටින හැමෝම වගේම බහුතරයක් දෙනා යුද්ධයට විරුද්ධයි. ඊශ්‍රායලය පලස්තීනය හෝ, යුක්රේනය රුසියාව හෝ, ආමිනියාව අසර්බයිජානය හෝ යුද්ධය යුද්ධයමයි. එයින් අසරණ වන මිනිසුන් මොන රටක උනත් මිනිසුන්මයි. ඒ සියල්ලම වෙනුවෙන් ඔබ හැමෝගෙම සහයෝගයෙන් මේ ලෝක යුද විරෝධී සන්ධානය අපි ශක්තිමත් කළ යුතුයි. පාට පක්ෂ ජාති ආගම් බේද නැතුව කළු සුදු භේද නැතුව මානවවාදී මිනිසුන් ලෙස අපි අපේ යුතුකම ඉටු කරමුයැයි” රාජිත අදාළ සංදේශය භාරදීමෙන් අනතුරුව ජනතාව අමතමින් පැවසීය.

සුදර්ශනී පොහොට්ටුවෙන් ඉවත් වෙයි

පොදු ජන පෙරමුණ සමඟ තමන්ගේ දේශපාලන ගනුදෙනු අවසන් බව හිටපු රාජ්‍ය ඇමතිවරියක වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.

ශ්‍රීලනිපයේ පතාක යෝධයකු වූ ඝාතනයට ලක්වූ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ බිරිඳ වන ඇය විශේෂඥ වෛද්‍යවරියක මෙන්ම ජනතාවට කිට්ටු ප්‍රයෝගික දේශපාලනඥයකු වුවද කිසිඳු විටෙක ඇයට නිසි තැනක් නොලැබිණි. දේශපාලනයේ නවකයන්ට ඇමති ධුර ලබා දෙද්දී පවා ඇයට කැබිනට ඇමති ධුරයක් නොලැබුනු හේතුව ඇතැම් විට මැරකම හෝ ඊට ආසන්න වෙනත් සුදුසුකම් නොමැතිවීම වන්නට පුළුවන.

තමන් මින් ඉදිරියට පොදුජන පෙරමුණ සමඟ දේශපාලනය නොකරන බවත් මේ වන විට තමන් ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන බව පෙන්වා දෙන ඇය තමන් වත්මන් දේශපාලනය පිළිබඳව කළකිරීමකින් සිටින බව ද ඉදිරියේ දී පොදු ජන පෙරමුණ නොවන අන් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන වැඩ පිළිවෙළවල් පිළිබඳව අවධානයෙන් සිටින බව ද සඳහන් කළාය.

UNHRC වෙතින් ශ්‍රී ලංකාවට දරුණු ඉල්ලීමක්

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය අනාවරණය කිරීමටත් හෙළි කිරීමටත් ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද එසේම එම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට වගවීම ලබා දීම සඳහා ද ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

UNHCR චෝදනා විදේශ අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය දා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට එරෙහිව එවැනි “සත්‍ය නොවන, නොපැහැදිලි සහ පක්ෂග්‍රාහී” වාර්තාවක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ට කිසිඳු සාමාජිකයෙකු විසින් නියම කරනු ලැබ නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ක ගතවන දිනට පෙරදින මෙම වාර්තාව නිකුත් කිරීම සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රශ්න කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගිය 17 වැනි දා “බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම” යන තේමාව යටතේ පිටු 45 ක වාර්තාවක් නිකුත් කළේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනාව දේශපාලනීකරණය වී ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාව නිකුත් කළ අකාරයෙන් පෙනී යන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේය.

මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබිය දී මෙම වාර්තාව නිකුත් කිරීමේ අරමුණ කුමක්දැයි ප්‍රශ්න කරමින් ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හිමාලි අරුණතිලක මහ කොමසාරිස් වොල්කර් ටර්ක් වෙත ලිපියක් යොමු කරනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇය අනෙකුත් සාමාජික රාජ්‍යයන් සමඟ ද කතා කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මැකියාවේලිගේ නූගත්කම පිළිබඳ න්‍යාය වෙනුවට ලී ක්වාන් යූ ගේ අධ්‍යාපනයේ රහස සමාජගත කළා – ධම්මික පෙරේරා

 අපේ රටේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තු අයත් එහි යෙදුණු අයත් ප්‍රධාන න්‍යාය ඉගෙන ගත්තේ මැකියාවේලිගෙන්. බල දේශපාලනය වෙනුවෙන් මැකියාවේලි උපදෙස් දෙන්නේ නූගත් ජනතාවක් හදන්නයි. අපේ රටේ දේශපාලකයාත් අනුගමනය කළේ එයමද කියලා හිතන්න සිද්ධ වෙනවා. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයින් පරිබාහිරව හිතපු කෙනෙක්. රට දියුණු කරන්න නම් අනාගත පරපුරට අයි.ටී විෂය දැනුම ලබාදිය යුතුය කියන මගේ යෝජනාවට ඔහු එකපයින්ම එකඟ වෙලා, මම පුද්ගලිකව මැදිහත් වී ආරම්භයක් ලබාදුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ මහින්දෝදය අයි.ටී විද්‍යාගාර වැඩසටහන ක්‍රියාත්මකභාවයට පත්කළා. යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්ක‍යේ ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කළ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්‍රදානය වෙනුවෙන් පසුගිය දා කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණ‍ භූමියේ පැවැති උත්සවයකදී එසේ පවසන ලදි.
වැඩ නොකරන මිනිසුන්ගේ රට හැදීමේ කටයුත්ත වේදිකාව මත කථාවට පමණක් සීමාවද්දී වැඩ කරන මිනිසුන් ඒ වැඩපිළිවෙල ලියාදක්වමින් රටේ දියුණුව පිණිස ක්‍රියාත්මක වන්නේ යැයි පැවසූ ධම්මික පෙරේරා, මෙය සංවර්ධිත රටක් කිරීම පිණිස රටේ අමාත්‍යංශ 23ක වැඩපිළිවෙල කෙසේ වියයුතු ද යන්න සම්බන්ධයෙන් තමා විසින් මනා අධ්‍යයනයක් සහ ඉදිරි දැක්මක් සහිතව ලියා ඉදිරිපත් කරන ලද www.dhammikaperera.lk පරිශීලනය කරන මෙන් ජනතාවට මෙහිදී ආරාධනා කර සිටියේය.

එසේම, අප රටේ පොහොසත් ඉතිහාසය වර්තමානයට කැඳවාගෙන ඒමට හැක්කේ ගමත් පන්සලත් අතර සම්බන්ධය නැවත ගොඩනැගීමෙන් පමණක් බව පැවසූ ධම්මික පෙරේරා ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන හරහා එය සිදුවන ආකාරය මෙහි දී පහදා දුන්නේය. එසේම තම ජීවිත කාලයම පාරමිතාවක් කරගනිමින් ගමේ සියල්ලන්ගේම යහපත ප්‍රාර්ථනා කරන අයෙක් වේ නම් ඒ ගමේ පන්සලේ ස්වාමීන්වහන්සේ බවත් ඔහු මෙහි දී පවසා සිටි අතර ඩීපී එඩිය‍ුකේෂන් වැඩසටහටහන හරහා මේ වෙනුවෙන් උන්වහන්සේලා ලබාදෙන සහයෝගය ඇගයීමට ද ලක්කළේය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan