තවත් ගුවන් අනතුරක්, 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට බැංකොක් බලා පැමි‍ණෙමින් සිටියදී උඩුගුවනේ දී වායු රික්තකයකට ඇතුලු වීමත් සමඟ සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව ABC නිවේදනය කරයි.

ජෙෆ් කිචන් නැමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති ද ගුවන් සේවය නිවේදනය කරන අතර, ඔවුන්ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්වේ.

මගීන් බොහෝ දෙනෙකු ආසනපටි පැලද සිට නොමැති අතර ඔවුන්ගුවන් යානයේ ඉහළ කොටසේ ගැටුණු බව එක් මගියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණු අතර, එය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 211 දෙනෙකු හා කාර්යමණ්ඩලය 18 දෙනෙකු ගමන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්යානයේ ගමන් කළ සියලු මගීන්ගෙන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටින බවයි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එමෙන්ම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙස සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...