NPP වෙසක් දින පණිවිඩය!

Date:

කොළඹ LNW:”බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!’; යනුවෙන් ජාතික ජන බලවේගය වෙසක් දින පණිවිඩය නිකුත් කර තිබේ.

“ක්‍රි.පූ. 06වැනි සියවසේ උපත ලබා අදටද ජීවමානව පවතින ආගමික දර්ශනයකට නායකත්වය ලබා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

බුද්ධ කාලීන සමාජීය විෂමතා හමුවේ අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයට හඳුන්වා දෙන ලද ප්‍රතිපත්ති සමුදාය, වර්තමාන සමාජ ආර්ථික පරිසරය විසින් දුෂ්ටභාවයට ඇද දමන ලද සමාජයටද මඟපෙන්වීමක් ලබා දෙයි. කෙසේ වුවද පවතින තත්වයන් විසින් පුද්ගලයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත්, දර්ශනය වෙතටත් ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී. බෞද්ධ බැතිමතුන්ට පවා බුදු දහමින් පෝෂණය වූ ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

මේ සියල්ල මධ්‍යයේ පවා පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වයි. ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක් අප සතු විය යුතු අතරම පොදුවේ පවරා ගත යුතු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී. එනම් බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් සහ එවැනි සමාජයක් ගොඩනගන ජාතික පුනරුදයක් නිර්මාණය කරගැනීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමය. එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.23

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...