*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

අද (26) රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් වැසේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව අද (26) රාත්‍රියේත් කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් වසා තබන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටී.

බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට නියමිත බව දන්වා සිටී.

වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රථවාහන නවතා තබා පා ගමනින් එම කලාප වෙත ගමන්කිරීමට හැකි බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා ඒ තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසට පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan