ස්ත්‍රීවාදී බලයෙන් පුරුෂයෙක් පත්කරමු ….?

ඇත්තෙන්ම කාන්තා බලයෙන් ගේන්න ඕන කාන්තා නියෝජනයක්ම මිස තවත් පුරුෂ නියෝජනයක් නොවේ.. හේතුව ලාංකීය ගැහැණියගේ අනේක විධ ඛේදවාචකයන් සහ සන්තාපයන් සංවේදනය වෙන්නේ තවත් ගැහැණු ආත්මයකටම මිස පුරුෂ මූලික නියොජනයකට නොවීමයි..

ගැහැණුන් වෙනුවෙන් පුරුෂ නියෝජනයකට ජොහොර් එක දීම යනු හෙදියන්ගේ වෘතිය සමිතිතියේ නායකයා විදියට මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ පත්කර ගත්තා වගේ අපභ්‍රංශයක්..

ඇත්තෙන්ම මමත් මුලින් හිතාගෙන හිටියේ හරිනි යනු ජ.වි.පෙ. සාම්ප්‍රදායික පැවැත්මට පිටින් ඉන්න විකල්ප ලිබරල් ක්‍රියාකාරිනියක් විදියට.. නමුත් මට දැන් හිතෙන්නේ එහෙම එකකුත් නෑ කියන එක කාලයාගේ ඇවෑමෙන් ටික ටික එළියට ආවා කියල..

පසුගිය දිනක ඇය සම්බන්ධ වූ මාධ්‍ය සාකච්චාවකදී මම දැක්කා ඇය පවසනව සිද්දාර්ථ කුමාරයටත් වඩා යශෝදරා මහා කැපකිරීම් ප්‍රමාණයක් කරලා ලොකු කාර්‍යබාරයක් කලා කියලා..

ඇත්තෙන්ම හරිනි ස්ත්‍රීවාදිනියක් නම් අවම වශයෙන් ඇය දැනගතයුතුයි යශෝදරා යනු ස්වාමියා වෙනුවෙන් උවටැන් කිරීමට කැපවූ ස්වාමියා පසුපස හඬාවැටෙමින් එන පුරුෂ උවමනාවන්ගේ උපරීම ගිය අයිඩියල් එක බව සහ එය අධිපති පුරුෂ ෆැන්ටසියක් බව..

ඇගේ ඒ අදහස් දැක්වීමෙන්ම එළියට ආවා ස්ත්‍රීවාදිනියක් සතුව තිබිය යුතු මූලික අවබෝධය පවා ඇයට නැති බව ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...