31 වෙනිදා පිල් මාරුවක් ?

Date:

එළඹෙන සිකුරාදා, ඒ කියන්නේ මැයි 31 වෙනිදා විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියලා ආරංචියක් දේශපාලන ක්ෂේත්‍රයේ වේගයෙන් පැතිර යමින් තියෙනවා.

ආරංචියේ හැටියට කියන්නේ 07 දෙනෙක් ආණ්ඩුවට පනින්න නියමිතයි කියලායි.

හැබැයි ඉතින් විපක්ෂයෙන් අච්චරක් පනිනවා, මෙච්චරක් පනිනවා කියන ඒවා අවුරුදු දෙකක් තිස්සේ විටින් විට කියවෙන කතා. නත්තලට එනවා, අලුත් අවුරුද්දට එනවා, ජනාධිපතිතුමාගෙ අහවල් රටේ සංචාරයෙන් පස්සේ එනවා, සිංහල අවුරුද්දට එනවා, වෙසක් පෝයට එනවා … ඔන්න ඔහොම කොතෙකුත් වතාවක් ඕවා නිව්ස් හැටියට ගිහින් තියෙනවා. මෙතෙක් නම් වුණේ නෑ.

කොහොම වුණත් විපක්ෂයෙන් කට්ටිය ගේන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට බැසිල් රාජපක්ෂ කාලය දීලා තියෙන්නෙ ජුනි 15 වෙනිදා වෙනකල් විතරයි කියලායි ආරංචි. ජනාධිපතිවරයා පොරොන්දු වුණු විදියට සමගි ජන බලවේගයෙන් 25 දෙනෙක් ඒ වෙද්දී ගේන්න බැරිවුණොත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් පත්කරන්න නියමිතයි ලු. ඒ අපේක්ෂකයා බොහෝදුරට ධම්මික පෙරේරා වෙන්න පුළුවන් ලු.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය කොහොමත් ජුලි මාසේ මැද වෙද්දී මැතිවරණ කොමිසමට හිමිවෙනවා. ඒ නිසා මේ ජුනි මාසය ලංකාවේ දේශපාලනයට අතිශයින්ම තීරණාත්මකයි. ඒ කියන්නේ බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. බලාන ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...