අනුර ජොන්ස්ටන්ගෙන් රුපියල් මිලියන 500 ක් වන්දි ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගොනුකර ඇති පෙත්සමෙහි පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 24 වනදා පවත්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29) නියම කළේය.

2017 වසරේ ඔක්තෝබර් 15 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් “ජාතික සම්පත් සුරකිනු – දේශපාලන දඩයම නවතනු” මැයෙන් තංගල්ල නගරසභා ශාලාවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානියක් සිදුවූ බවත් ඒ වෙනුවෙන් තමන්ට රුපියල් මිලියන 500ක් අයකර දෙන ලෙසත් අනුර කුමාර දිසානායක මහතා මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම ඊයේ කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබාදුන් අතර කැලණිය විශ්ව විද්‍යාලීයේ විද්‍යාවේදී උපාධි සහතිකය ඇතුළු ලේඛන දහයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ සහ සමාජයේ කීර්තියක් උසුලන තමන්ට සිදුකළ අපහාසයට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...