මෙරට විශාලතම භික්ෂු රෝහල “ගුරුදෙව් සුව අරණ” ජුනි 01 දා විවෘත වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30, කොළඹ (LNW): හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ජුනි 01 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිත අතර, දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්‍යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිවී ඇත.

විශ්ව ශක්තිය ගලා ඒමට සැකසූ පිරමීඩ හැඩය ගත් කැණිමඩලකින් සමන්විත මෙරට විශාලතම භික්ෂු රෝහල වේ. මෙය ඉදි කර තිබෙන්නේ යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්.

එකවර භික්ෂූන් වහන්සේ 50 නමකට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට හැකි ලෙස ද, 500 නමකට භාවනානුයෝගීව වැඩ සිටිය හැකි ලෙස ද මෙම භික්ෂු ගිලන් රෝහල ඉදි කර තිබෙන බව සඳහන් වේ.

ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්‍යස්ථානය අඛණ්ඩව පවත්වාගෙන යාමට අරමුදල් භාරයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම රෝහල කොළඹ දිස්ත්‍රික්කයට තවත් වටිනාකමන් එක් කරන බව, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් ලේකම් පැවසුවේය.

Monara
Monara
Monara
Monara
Monara

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාව සමඟ යුද්ධයක යාමට ඉඩ ඇති බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය වෙනිසියුලාව...

2026 අයවැය: බදු ප්‍රතිපත්තියේ වෙනසක්!

කොළඹ LNW: 2026 වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීම ඉදිරියේදී...

මීළඟ APEC නායක සමුළුව චීනයේ Shenzhen නගරයේ දී

කොළඹ LNW:2026 වසරේ APEC නායකයින්ගේ 33 වන නිල නොවන...

දීප්තිගේ දීප්තියෙන් වැසී ගිය ලෝරාගේ ගීතය

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ලෝරා වොල්වර්ඩිට් ක්‍රිකට්වලට අමතරව ගැයීමේද...