රිවස් ගැසට්ටුවෙන් පසු පොහොර ගෙන්වීමට සමාගම් 07කට අවසර! (VIDEO)

Date:

රසායනික පොහොර ආනයනය සඳහා පනවා තිබුණු තහනම ලිහිල් වීමත් සමඟ එම පොහොර ගෙන්වීම සඳහා දැනට සමාගම් 07කට අවසර දීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසන්නේ දැනටමත් යූරියා මෙට්‍රික් ටොන් 1500ක් ගෙන්වීම සඳහා අවසර දී ඇති බවයි.

එමෙන්ම තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 31000ක් දැනටමත් ආනයනය කර තිබෙන බවද ඔහු කියා සිටියි.

ඒ අනුව තේ වගාව,එළවළු, පළතුරු, මල් ඇතුළු වගාවන් සඳහා අවශ්‍ය විශේෂිත පොහොර ආනයනය සඳහා අවසර දී තිබෙන අතර ඉදිරියේදී ලැබෙන ඉල්ලීම් අනුව එම අවසරයන් දීමට කටයුතු කරන බවද ලොකුහේවගේ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...