සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ පාසල් දරුවන්ට විශේෂ සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): වෘත්තීය පාඨමාලාවන් හැදෑරීම සඳහා , සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ පාසල් දරුවන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමට එම මණ්ඩලය පියවර ගෙන ඇති බව , එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) නිහාල් ප්‍රසන්න පවසයි.

උසස් පෙළ අසමත් වූ දරුවන් මෙම මුදල් ප්‍රතිපාදන ලබා දීමට තෝරා ගනු ලබන බවත්, එක් සිසුවකුට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන බවද සහකාර සාමාන්‍යාධිකාරීවරයා කියා සිටී.

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මෙම පාඨමාලාවන් නියාමනය කරනු ලබන අතර, මේ සඳහා උසස් පෙළ අසමත් වූ දරුවන් පමණක් තෝරා ගැනීමට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් සමාජයේ පිළිනොගන්නා රැකියා සඳහා යොමු වීම වැළැක්වීමට සහ නීති විරෝධී කටයුතු සඳහා යොමු වීම වැළැක්වීමට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...