සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ පාසල් දරුවන්ට විශේෂ සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): වෘත්තීය පාඨමාලාවන් හැදෑරීම සඳහා , සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ පාසල් දරුවන්ට මුදල් ප්‍රතිපාදන ලබා දීමට එම මණ්ඩලය පියවර ගෙන ඇති බව , එම මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) නිහාල් ප්‍රසන්න පවසයි.

උසස් පෙළ අසමත් වූ දරුවන් මෙම මුදල් ප්‍රතිපාදන ලබා දීමට තෝරා ගනු ලබන බවත්, එක් සිසුවකුට වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් ලබා දෙන බවද සහකාර සාමාන්‍යාධිකාරීවරයා කියා සිටී.

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් මෙම පාඨමාලාවන් නියාමනය කරනු ලබන අතර, මේ සඳහා උසස් පෙළ අසමත් වූ දරුවන් පමණක් තෝරා ගැනීමට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් සමාජයේ පිළිනොගන්නා රැකියා සඳහා යොමු වීම වැළැක්වීමට සහ නීති විරෝධී කටයුතු සඳහා යොමු වීම වැළැක්වීමට බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...

” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) පස්වරුවේ...