සටහන – රෂිකා හෙන්නායක
ජුනි 02 , කොළඹ (LNW): පල්ලෙවෙල ප්රදේශයේදී, නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව පැවසේ. ඊයේ (02) රාත්රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන් වන අතර, මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වේ.
දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදු කරන අතර, මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.