කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක් රජයට පාඩු කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියම කළේය.

එහිදී මෙම සිද්ධියේ 4 වන සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරීමට අධිකරණය තීන්දු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා ජුනි 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පෙබරවාරි 02 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...

නාමල්ගේ සැකය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...

Colombo City Holdings’ සමඟ එක්වූ නෙලක හතුරුසිංහ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : කලම්බු සිටි හෝල්ඩින්ග්ස්...