කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රුපියල් කෝටි ගණනක් රජයට පාඩු කිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියම කළේය.

එහිදී මෙම සිද්ධියේ 4 වන සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැරීමට අධිකරණය තීන්දු කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකරුවන් 8 දෙනා ජුනි 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ පෙබරවාරි 02 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...