විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද තීරණයකට!

0
269

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): අද (04) දිනයේ, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසයි.

ඊයේ (03) දින සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

ධම්මික ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවේ දී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් අද දිනයේ සිය වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දැනුම්දෙන බවයි.