(VIDEO):සජිත් පනත ගැන දන්න දෙයක් නැහැ.ඇමති කංචන සජිත්ව අවුස්ස ගනී!

කොළඹ LNW: විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී ඇති අර්ථකථනය විපක්ෂ නායකතුමා විසින් වැරදි ලෙස අර්ථකථනය කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව විපක්ෂ නායකයා සංශෝධන ගැනද නොදන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය විකිණීමක් ගැන පනත තුළ සඳහනක් නොමැති අතර ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසන විකිණීම පනත තුළ ඇති තැන පෙන්වන ලෙසද විජේසේකර අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර සමඟි ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන බ්ලූ ප්‍රින්ට් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද උක්ත පනතේ සංශෝධන ගැන සඳහන් කර ඇති අතර එය වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන විට විරුද්ධ වෙමින් සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් පනත සම්බන්ධයෙන් එළඹෙන 06 වැනිදා විවාදය පැවැත්වෙන අතර සම්මත කර ගැනීම සඳහා වන ජන්දය විමසීමට ද නියමිත බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...