මොදී උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය පරදී; තුනෙන් දෙකක බහුතරය අහිමිවන ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආසන 80ක් සහිත රටේ වඩාත්ම ජනාකීර්ණ, හින්දුන් බහුතරයක් සහිත දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නරේන්ද්‍ර මොදිගේ භාරතීය ජනතා පක්ෂය පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ආසන 30කට වඩා වැඩි ප්‍රමයක් දිනා ගනිමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දීය සන්ධානයයි. මෙය BJP පක්ෂයේ සැලකිය යුතු පසුබෑමක් වශයෙනුයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ,

මේ වන විට ගණනය කර ඇති ජන්ද වලට අනුව පෙනී යන්නේ මොදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) සහ එහි දේශපාලන සහචරයින් ආසන 290ක් දිනා ඉදිරි වසර පහ සඳහා පාලනය කිරීමට ආන්ඩුවක් පිහිටුවීමට සමත් විය හැකි නමුත් බොහෝ දෙනා පුරෝකථනය කළ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන නොමැති බවයි.

ඒ අනුව, මොදිට තුනෙන් දෙකක බලයක් නොලැබෙනු ඇත.

මේ අතර, ඉන්දියාව යන කෙටි නාමයෙන් හැඳින්වෙන විපක්ෂ සන්ධානය අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් ඉක්මවා ගිය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර ඔවුන් සාමූහිකව ආසන 234ක් දිනා ඇත. ජාතික හා ප්‍රාදේශීය විපක්ෂ පක්ෂ 20කට අධික සංඛ්‍යාවකින් ගොඩනැගුණු මෙම සන්ධානය මෙවර මැතිවරණයේදී ප්‍රථම වරට එකට එකතු වී තිබුණේ 2014 වසරේ සිට බලයේ සිටින මෝඩි පරාජය කිරීමේ අරමුණ ඇතිවය.

ජන්ද ප්‍රතිඵල වලට අනුව උත්තර් ප්‍රදේශ්හි සමාජවාදි පක්ෂය, බටහිර බෙංගාලයේ ත්‍රිනාමූල් කොංග්‍රසය සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය වැනි ප්‍රාදේශීය පක්ෂ ද ප්‍රබල ක්‍රියාකාරිත්වයක් මෙවර පෙන්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන...

ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...

2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!

කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...

කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...