නිවේදිකාවක් ගංවතුරේ ගිලී කළ වාර්තාකරණය ගැන ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු උපදේශකයෙකුගෙන් සැර ප්‍රතිචාර

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

පුද්ගලික රුපවාහිනී නාලිකාවක නිවේදිකාවක විසින් ගංවතුරේ බැස අවදානාත්මකව සිදුකළ වාර්තාකරණය සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ අතර, මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් ප්‍රසංශනාත්මක මෙන්ම විවේචනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර තිබුණු බව දක්නට ලැබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ආසියානු මාධ්‍ය සහයෝගිතා ආයතනයේ දකුණු ආසියානු කලාපීය උපදේශක, රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙය කිසි සේත් නොකළ යුතු සහ අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

මේ අපදා සහ ස්වභාවික විපත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් තම පුද්ගලික ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එය මහජනතාවට ද ආදර්ශයක් විය යුතු බවත් ඔහු සඳහන් කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...

අපදාවටපත් කර්මාන්තකරුවන් 531 කට රුපියල් මිලියන 106 ක්‌!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ''දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ...